Thursday, July 20, 2017



ඩෙංගු එක්කම නිදා ගන්නවද?
ඩෙංගු කියන මාර්තෘකාව ලංකාවෙ මේ වෙද්දි ඇහෙන් නැති තැනක් නැති තරම්.රෝහල් වල ඇදන් පිරිල ගිහින් තියෙන්නෙ ඩෙංගු රෝගීන්ගෙන්.මහා පරිමාණයෙන් ශ්‍රමධාන හෑම තැනකම ක්‍රියාත්මකයි.මීඩියා ඉන්නෙත් මේ දවස් වල ඩෙංගු පස්සෙන්මයි.මීඩියා වලින් වගේම මේකෙදි වගකියන්න ඕන බලධාරීන් සහ වගකිවයුතු සියලු පිරිස් වගේම ඒව අහගෙන ඉන්න ජනතාව මේ ප්‍රශ්නෙ මොනාකාරයෙන් බලනවද කියන එක තාම ප්‍රශ්නයක්.බහුතරයක් මේ ප්‍රශ්නෙ වවාගෙන කනවද මන්ද.මදුරුවො ටික නැත්තටම නැති වුණොත් මේ ප්‍රශ්නෙ විසදෙයිද?මොනයම්ම මාර්ගෙකින් හරි මදුරුවන්ට පිළියම් දුන්නත් ඩෙංගු වල වැඩිවීමනම් වෙනසක් පේන්න නෑ.ඇත්තටම ඇයි මේ වයිරස් එක අයින් නොවෙන්නෙ.කතා කලයුතු මාතෘකාව ඒක කියලයි මටනම් හිතෙන්නෙ.
ඩෙංගු මර්ධනයට හොදම පිළිවෙල වාහක මදුරුව මර්ධනය කියලයි පිළිගන්න මතය.මැලේරියාව,බරව වලත් රෝග වාහකය වෙන්නෙ මදුරුවෙක්මයි.නමුත් ඩෙංගු වයිරසයක් වීම තුළ මේ තත්වය අනික් දෙකට වඩා ගොඩක් වෙනස් වෙනව.
කාලයක් මැලේරියාවත් දරුණු විදියට ලංකාවට බලපෑව.නමුත් මැලේරියාවට බේත් තිබ්බ.ඩෙංගු වයිරසයක් වීම තුලම ඒ සදහා තියන පිළියම් නැතිවෙල යනව.ඉතින් මේ සදහා සාර්ථකම ක්‍රමේ වාහකය නැති කිරීම.වාහකය නැති කරන්න ගන්න ප්‍රධාන පිළියමක් වෙන්නෙ දුම් ගැසීම.ඒ ක්‍රමේ සාර්ථකයිද?
පොඩ්ඩක් අපි අවුරුදු 10කට විතර කලින් මතකයන්ට එමු.ඒ කාලෙදිත් අපි ටින්,කෝම්බ,පොල්කටු පාවිච්චි කලා.ඒව පරිසරයටත් එකතු වුණා.ඒ වගේම ඩෙංගු බෝ වෙන වෙනත් ක්‍රමත් අනන්තවත් තිබ්බ.
ඒත් ඇයි වර්ධනය අඩු තත්වයක් තිබ්බෙ.කතා කල යුතු දේ ඒක කියලයි මට හිතෙන්නෙ.පරිසරයට එකතු වුණු ටින් කෝම්බ ඇතුලෙ මදුරුවො වගේම ගෙම්බො වගේ සත්තුත් බිත්තර දැම්ම.මදුරු කීටයො එලියට එද්දි ඉස්ගෙඩි ටිකත් ඒක ඇතුලෙ ජීවත් වෙනව.ඉස්ගෙඩියන්ගෙ ආහාරය වුණේ මදුරු කීටයන්ව.ඉතුරු වෙච්ච මදුරු කීටයන්ගෙන් මදුරුවො හැදුන කියමුකො.ඒ මදුරුවන්ව ආහාරයට ගන්න "බත්කූරො"හිටිය.අදකාලෙ ළමයි මේ බත්කූර මොකාද කියලවත් දන්නවද කියන එක ප්‍රශ්නයක්.පොඩි කාලෙ බත්කූරෙක් අල්ලන් නූලක් ගැට ගැහුව අතීතයක් නෑ කියන්නෙ බත්කූරව දන්නෑ කියන එක තමයි.
දැන් බලයි මොකක්ද මේ කියන්න යන ගොබ්බ කතාව කියල.ඇත්තටම සරල ස්වස්භාවික චක්‍රයක් මේ මදුරුවන්ව නැති කරල දාන්න තිබ්බ.අපි මේ සරල චක්‍රය බිදල ඉවරයි දුම් ගැසීම තුළින්.ඒකෙදි වාහක මදුරුවො වගේම හිතකර සත්තු බොහෝමයක් විනාශ වෙලා යනව.අද දවස වෙද්දි බත්කූරෙක් දැක ගන්න අඩුයි.ඉස්සර නින්ද යන්නෑ ගෙම්බන්ගෙ සද්දෙට.කෝ අපි දැක්ක කළා මැදිරි එළි.දකින්න හරිම අඩුයි.ගන් කපුටගෙයි නගර කපුටගේ වෙනස මොකක්ද ඇහුවොත් උත්තරයක් දෙන්න පුලුවන්ද?දැන් ඇත්තටම ඒම වෙනසක් අදුන ගන්නවත් කපුටො ඉන්නවද?පාරවල් වල කොච්චර මළ කුණු කුණුවෙල යනවද?වෙනද ඒව සුද්ද කරල දාන කපුටන්ට මොකද වුණේ.ඇයි කපුටු ජන ගහනය අඩු වෙලා තියෙන්නෙ?
දැන් ඔක්කොමල අහයි මේ මොන කුනුහරපයක්ද මේ කියල.ඩෙංගුයි කපුටොයි හරියට තක්කාලියි බෝල්ට් ඇණයි වගේ.නෑ කපුටා කියන්නෙ පරිසර දූෂණය මනින සාධකයක්.එක් එක් පුරුක් අඩුවෙල ගිහින් පරිසරයෙ සමතුලිත තාව බිදිල ගිහින්.මේකට වගකියන්න ඕන මිනිසා කියන සත්වයම තමයි.ඉතින් සමතුලිත තාව බින්ද මිනිහගෙන් ස්වාභාව ධර්මයා පළිගන්න එක සාධාරණද නැත්ද?අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නෙ ඒකයි.මොකද වෙන සත්තුන්ට ඩෙංගු හැදුන කියල මට අහන්න ලැබුන්නෑ.
මීඩියා වලින් පී.එච්.අයි මහත්වරු සහ අනිකුත් එකී මෙකී නොකී සියලු බලධාරීන් කරන්න ඕන කාරණා මෙන්න මේව කියලයි මමනම් හිතන්නෙ.නැතුව දඩ ගහල ශ්‍රමදාන දාගෙන මදුරුවො ඔක්කොම නැති කරල ඩෙංගු නැතිම කරල දානව කියන වගේ කාරණා නෙවෙයි.අද වෙද්දි type 1 ඩෙංගු ඉවරයි.මේ යන්නෙ type 2 ඩෙංගු පරම්පරාව.බහුතර මතය විදියටනම් ලබන අවුරුද්දෙ මේ තත්වෙ අඩුවෙල යයි.එතකොට අපිට හැම දේම අමතකයි.මොකද ලාංකිකයිනම් බහුතරේකට තියෙන්නෙ කෙටි කාලීන මතක.ඒත් මතක තියා ගත යුතු කාරණේ ඉන් පස්සෙ එන්නෙ type 3.එක ගොඩක් මීට වඩා දරුණු වෙයි.අඩුගානෙ ජාතියක් වශයෙන් හෝ රටක් වශයෙන් එදාට මූණ දෙන්නනම් මේ බිදිල ගිහින් තියන සමතුළිතතාව යම් මට්ටමකට හරි ගොඩගන්න පුලුවන්ද ඒ වෙනුවෙන් කළයුතු දේවල් මොනාද කියන එක බලන එකයි වෙන්න ඕන කාරණය කියලයි අවසන් වශයෙන් මටනම් හිතෙන්නෙ...
(මේ කතාව කිවයුතුයි.මම ස්වාභාවික විද්වතෙක්වත් දාර්ශනිකයෙක්වත් නොවන වග.මේ මගේ අත්දැකීම් බෙදා ගැනීමක් විතරයි.ඔබලාගෙත් අදහස් මේ එක්ක එකතු කරන්න කියලත් ඉල්ලනව.)
-ලකී-

Sunday, April 10, 2016



කාලය යනවා
ඉර හද තරු පාස් කරන්
අවුව වැස්ස පාස් කරන්
කාලය යනවා

තරුවකට බෑ
සදේ හිඩැස වහන්න
අමාවකට බෑසදේ එළිය දකින්න
වැහි බිදුවකට බෑ
ආය අහස දකින්න

අතීතයට උපමාවල් කියන්න
වර්තමානෙ උපමේයන් හදන්න
අනාගතෙ ප්‍රස්තව පිරුලක් කරන්න
මොහොතකට ඉඩක් දෙන්න

Friday, April 8, 2016

වචනයෙන් කියන්න නොකියනා හැගුමන් ඔය නෙත් කියනා රහස් ඇත්තක්ද කියන්න
තොල් පෙතිත් හැගුම්බරයි එනමුත් දුරස්තයි ඇය ඔබේ අත් බැදන් මා ඔබේ නෙත් බලන් වෙන් නොවෙන රේණුවල දයිවය කෙලෙස ලියන්නද අසරණයි ඔය දෙනෙත් මා අසන්නම් ඉතින් කියන්න ඒ ඇයිද කියන්න ඔය නෙත් කියනා රහස් ඇත්තක්ද කියන්න
ඉර සැගවෙන්න කලින් සුසුම් හෙලනා අතරමන් ඈ අතරමන් ඔබ සිහින පරාගන චුම්බනය බලාසිටිනා පිටස්තර මා වැලදගන්න නුඹ ලගට එනවාද සසල මන්ද ඔය ඩෙනෙත් මා අසන්නම් ඉතින් කියන්න වචනයෙන් කියන්න නොකියෙනා හැගුමන්

ඉඩ දෙන්න
ඔය සිත් අහස
සිත්තම් කරන්න
ඉඩ දෙන්න
සිත්තම් අදින්න
ඔය මතකයේ

වලාකුල් අතර ඉද
පියාඹා ඡායාව වී එන්න
සෙවනැල්ල නොපෙනෙන්න
ඉඩ දෙන්න
මායාව වී එන්න
මායාව වී ඇවිත්
ඉඩ දෙන්න
හද පුරා හිනැහෙන්න

වැහිළිහිණි දඟකරන
සිත් ගිමන් හල ගාව
නිහඬ ස්පර්ශයෙන්
ඉඩ දෙන්න
තෙත්බරව සනසන්න
යලි නොමැකෙන්න
හද පුරා පුරවන්න
පාට පාට සිත්තමක්
ඉඩ දෙන්න

Tuesday, September 23, 2014

මට මතකයි...අද උඹේ උපන්දිනේ...




උඹේ උපන්දිනෙ කියන්නෙ 
මට මතකයන් ගොඩක උල්පතක්
ඒ මතකයන් මාව හැමදාමත් ජීවත් කරවනව 
හදවතට සමීප වුණ ලෙන්ගතුකම්
සදා නොමැන්කෙන මතකයන් වෙලා
මට වෙලාවකට හිතෙනව
මේ මතකයන් කෝච්චියක් වගේ,
උඹයි මමයි රේල්පීළි දෙකක් වගේ කියල
සමාන්තරයි ඒත් එකතු වෙන්නෙ නෑ
ඒත් පීළි නැතුව කෝච්චියෙ පැවැත්මක් නෑ
මම බලන් ඉන්නම්
උඹ හැමදාමත් සතුටින් ඉදපන්

උඹට සුභ උපන්දිනයක්...


Wednesday, July 30, 2014













වරෙක
උඹ දිහා බලන්
සිනා සෙන්න හදද්දි
උඹ ඒ හිනාව අරන්
කඳුළු මට දුන්න...
අහක බලන්
කඳුළු හලද්දි
උඹ...
ආයිමත් ඇවිත්,
ජීවිතේ ඉල්ලනව

ලක්ෂිත ප්‍රසාද් වීරසේන

Friday, March 14, 2014

ආදරය අද නිරුවත් වෙලා...













උන්මත්තක සෙනෙහස අභිමුවේ
නුඹ නොයෙනා බව දැන දැනත්
ආත්මය නොකියනා
හැගීම් මාත්‍රාවක් සොයා
ඕපපාතික හදවත
දැවි දැවී කදුළක් වෙලා...

වින්දනීය වූ
දැනෙන නොදැනෙන
බැදීම් තුරුලට අරන්
නුඹ නුඹ සොයා
මා මා සොයා
වෙහෙසීම දෝතට අරන්
විදවීම අතරමන් කලා...

සැනසීමක් සොයා
සමාව අයදිනා
සදාතන සිහිනයේ
ආදරය අද
නිරුවත් වෙලා...


ලක්ෂිත ප්‍රසාද් වීරසේන