Sunday, December 30, 2012



කාලෙකින් මොනම දෙයක්වත් ලියන්න බැරි වුණා.හිතෙන විදියටනම් ඒකට කියන්න වෙන්නෙ අවිවේකීකම කියල තමයි.අදත් ලොකු දෙයක් ලියන්නනම් වෙන්නෑ.ඔයාලත් එක්ක මම මූණු පොතට දැම්ම පොඩි දෙයක් බෙදා ගන්නයි අවෙ.

ලැම්බොගිනි රට වටේ...

නයිට් රේස් කොලොම්පුරේ....

චන්ද්‍රිකා ගුවනේ...හලාල් කන වටේ....

පාවෙන එළි දස අතේ....

සන්ස්කෘතිය පපුතුරේ....

අපි තාමත් දූපතේ...


                       මේ මට දැනුන විදි‍ය.මම දන්නෑ මේ ලීව දේ හරිද වැරදිද කියලනම්.ඒ තීරනේ තියෙන්නෙ ඔයලගෙ අතේ...





Wednesday, November 21, 2012

මිරිගුවකට පෙම් කරනු එපා ඔබ....


මිරිගුවකට පෙම් කරනු එපා ඔබ
එ‍ය මා හද සසල කරාවි

සැනසුම හිමි නැති
අහිමි හදක් ලඟ
අසරණ ඔබ
මියැදී යාවී

එපා කියනු බෑ
ඔබ හට යන්නට
අරමුණු නැති හද
ගොළුවේවී

සිහිසුන් සිහිනේ
කවුළු පියන්පත්
ඔබ වෙනුවෙන් වත්
විවර නොවේවී

යලි මතු දිනවත්
ඔබේ සෙනහසේ
අහිමි හද මගේ
ඉන්න පතාවී

Saturday, October 27, 2012

බල්ටි බබා...


කොටුවෙදි පොරක් පොඩි සෙල්ලම් බඩුවක් විකුනනව,
             "බල්ටි බබා...කඩේ රුපියල් 100 කියන එක මගෙ රුපියල් 30.ඕනම බිත්තියක ඕනම  උසක ඉදන් පහලටම එනකම් බල්ටි ගහනව...පොඩි බබාලගෙ විනෝදෙ පොඩි බබාලගෙ විනෝදෙ..."

පාට පාට බල්ටි බබාල කාඩ් ගානක්ම පොර ගාව තිබ්බ බන්...මරු ආතල් වැඩේ ඒක..මට හිතුන බන් අපේ ගොඩක් උන් මේ පාට පාට බල්ටි බබාල වගේමයි කියල..අපේ ගොඩක් උන් ආගම් ජාති බේදයක් නැතුව රටේ එක එකා කියන විදි‍යට උඩ ඉදන් පහලට බල්ටි ගහනවනෙ බන්...වෙනස පණ නැතිව බල්ටි බබා කරන වැඩේ අපේ උන් පණ ඇතුවම කරනව...ඉතින් මාර ආතල් සෙල්ලම් බඩුවක් කියල හිතුන හින්ද මාත් ගත්ත බන් රුපියල් 30කට සුදු පාටට හිටපු බල්ටි බබෙක්....

Saturday, October 20, 2012

බාප්පාට.....

සෙනඟ පිරී ගිය
හුදකලා නිවසේ
ඔබ සුව නින්දේ
ඇහැරවනු බෑ
ඔබ සදා නිදි වගේ


මුදු මොලොක් හිනාවයි

අවන්ක කථාවයි
මගේ හද පිරුණු ඒ අහින්සක රුවයි
මතක් කල හැම විටම
රිදුම් දෙන හද සොවින්
දෑස් මත ලියවුනා
සෙනෙහසේ මතකයන්
සදා කල් ඒ මතක මගේ හද රැ‍ඳේවි
ඔබ ඇවිත් නොයන මුත් මඟ බලා හිඳීවී





                   තාත්තගෙ  පවුලෙ අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කල කෙනා ගිය 11 වෙනිද සදහටම යන්න ගියා ආය නොයෙන්නම.මම දන්නෑ මට ලියන්න හිතුන ඒ ගැන.බොනී සෝමරත්න මම කථා කලේ බොනී බාප්ප කියල.ඒ වගේ ගති ගුණ තියන මනුස්සයෙක් මට තාම හම්බෙලානම් නෑ.ඒක කියන්නත් ඕන මම.ඒ අහිංසක කම,අවන්ක කම අද කාලෙ ගොඩක් මිනිස්සු ගාව නැති දේවල් ගොඩක් දේ එයා ලඟ තිබ්බ.මට ඒ මතකනම් අමතක කරන්න බැරිවෙයි කවදාකවත්ම.
                   අවුරුදු 59 ක් කියන්නෙ ජීවිතෙන් සමුගන්න ඕන වයසක්ද කියලනම් මම කියන්න දන්නෑ.ඒත් බාප්පගෙ වකුගඩු ඉඩ දුන්නෙ නෑ තව දුරටත් මේ කුරිරු සමාජෙ එක්ක ජීවිතේ ගෙනියන්න.වෙලාවකට හිතෙනව ඒක හරි පුදුම හිතෙන කතාවක් කියල.මොකද මම හිතුවෙ නෑ මේ දේවල් ඒ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියල.කෝම හරි ඒ දේ සිද්ද වුණා.කවදාවත් නැති විදි‍යට නෑදෑයො සේරමල එකට එක්කාසු වුණා.ඇඩූ කදුලින් ගොඩක් දෙන එහාට අව ගිය.
                   වෙන මේ ගැන කියන්නනම් දෙයක් නෑ මට.හිතෙන විදි‍යට හොද මිනිස්සුන්ගෙ ආයු කාල‍ය ඉතාම කෙටී.ඉපදිච්ච දවසෙ ඉදන් අවුරුදු,මාස,දවස්,පැය,විනාඩියෙ ඉදන් තත්පරේ දක්වාම අපි මරණය හොයන් යන මිනිස්සු.ඒත් ගොඩක් දෙනා ඒක දන්නවද කියන ප්‍රශ්නෙ තියනව.දැනගත්තත් ඒ දේ නොදන්නව වගේ ඉන්න පිරිස වැඩී.ඒ මොන දේ වුණත් සමීප කෙනෙක් නැති උනාම ඒ දේ මාර විදි‍යට දැනෙනව.ඉතින් ජාති ජාතිත් මේ වගේ අකල් මරණ වලට ගොදුරු නොවේවා කියල ප්‍රර්ථනා කරන ගමන් බාප්පෙ සුභ ගමන් ඔයාට.මම ඉල්ලන් නෑ අයෙමත් මේ තේරුමක් නැති සමාජෙට එන්න කියලනම්.ඒත් පුළුවන්නම් ඇවිත් හොද ගතිගුණ ටිකක් දීල යන්න මොකද මම ගොඩක් දේ ඉගෙන ගත්ත ඔයාගෙන් ඉතින් දැනට නවතින්නම් මේ මතකත් එක්ක.....

ප.ලි - මම මේ ලියල තියන විදිය අනේ මන්ද කිසි තේරුමක් නැති විදියට ලීවෙ කියල හිතෙනව.නිසදස ගොඩ නඟා ගන්නත් පුදුම විදියෙ වෙහෙසක් දරන්න සිද්ද වුණා.ඒ වෙලාවෙ තමා බිනරි මට උදවු කලේ.මම ලීව වාර්ථා නිසදසට වචන ගලපල දුන්නෙ ඒයා ඉතින් බිනරි ගොඩක් ස්තූතියි ඔයාටත්.... 




Saturday, October 6, 2012

පසු වදන....

අඳුරට බයෙන්
අහිමි හඳට පෙම්බැන්ද
නිරුවත්
ආදරය
අමාවක අදුරට බිලිවෙලා
හඳ එළියට පිච්චුන
අවන්කකම
නෙත් අධකරලා
උඹ ඇන්ද රූ අතර 
තනිවෙලා
සිහින වලින් නැගිටින්න
හිත පාරමී පුරනවා
.........



Sunday, September 23, 2012

තරු නිවිච්ච රෑ අහසට ......



















තරු නිවිච්ච රෑ අහසට
අමාවකේ සඳ පායා
හිඳුනු ආදරේ සොයන්න
හීන වලට ඔබ ආවා


දෙඩු වදන් ඈ අහගෙන ඉන්නට
නිවිච්ච තරු යලි එලිය උනා
ඒ දිස්නෙන් මගේ ඇස මත් වීලා
බලාපොරොත්තු නෑ ඇස් යට
දෙකොපුල් දිලිසෙනවා



අමාවකේ හඳ එළියට මට තටු ලැබුණා
නන්නත්තාරේ තනිකම
හීන අතර මා තනි කෙරුවා
සිතුවිලි අද නෑ
නුඹේ සිනා මගේ කොපුල් තෙමලා
සුසුම් වලට මගේ අරමුණු 
හඳ එලියට දිය වූවා




Friday, September 21, 2012

මසිත වසඟ කල අසුභ ලකුණ....


         ජීවිතේ හරි පුදුම විදියට ගෙවිල යනව.වෙනස් වෙනව.දවසින් දවස අපි හැමෝම වයසට යනව.ඒත් ඒ හැම දවසකම අපි ජීවත් වෙනව ගොඩක් අරමුණු බලාපොරොත්තු පොදි බැදගෙන.ඒ දේවල් ලගා කර ගන්න අපි මැරෙණකම්ම උත්සාහ කරනව.ඒම කියද්දි මට මතක් වෙනව මම මූණු පොතට දැම්ම පොඩි වැකියක කොටසක් .

                                "බලාපොරොත්තු....මැරෙන්න බැරි හින්ද ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත ජීවත් කරවනව.ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ ගෙනියන්න උදවු වෙනව."             

             ඒක තමා මම දන්න ඇත්ත.ඊට පස්සෙ මම මේ වගේ දේකුත් ලීව.  "මම හිතන්නෙ මම ඉන්නෙ ඔය දෙවර්ගෙ අතර මැද" ඇත්තටම මම හිතන විදි‍යට අපි බොහෝ දෙනා ජීවත් වෙන්නෙ ඒ විදි‍යට.ටිකක් ඒ ගැනත් හිතල බලන්නකො.

               මම ඔය ගැන කියන්නනම් නෙවෙයි ලියන්න හිතුවෙ.කාලෙකින් දෙයක් ලියන්න බැරු වුණා.අදත් මේ හදන්නෙ දෙයක් ලියනවට වඩා ඔයාලත් එක්ක දෙයක් බෙදා ගන්න.මේ කියන්න හදන්නෙ මම හදපු මියුසික් වීඩියෝ එකක් ගැනයි.කෙටි ච්ත්‍රපට වාර්ථා ච්ත්‍රපට කීප‍යක්ම කරල තිබ්බත් සින්දුවක් වෙනුවෙන් රූප රචනයක් කරන්න හම්බුන පලවෙනි වතාව කියලත් මම කියන්න ඕන.ඒත් කරල තියන කෙටි ච්ත්‍රපට ඇතුලෙ සින්දු වෙන්වෙන් රූප රචනා කරල තියනව.ඒකත් කියන්න එපැයි.කෝම හරි මේක මට සෙට් වුණ වෙනස් විදි‍යක වැඩක් හින්ද මම භාර ගත්ත වැඩේ.මේ දේ භාර ගන්න තව හේතු සාධකත් තිබ්බ ඒත් ඒ දේවල් මෙතනදි කියන්න ඕන නෑ කියල හිතනව.වෙනස් විදි‍යක පදමාලාවක් එක්ක හොද සංගීතයක් එක්ක හඬක් එකතු වෙලා තිබ්බ සින්දුවට.ඉතින් ගොඩක් අඩුපාඩු මැද අඩු මුදලකින් කල වැඩක් විදි‍යට වීඩියෝ එක අධ්‍යකෂණය කල කෙනා විදි‍යට මම මොන වගේ සාධාරණත්වයක් මේ වෙනුවෙන් කරල තියනවද කියන එක තීරණේ කරන්න ඔන ඔයාල.
            අද කාලෙ බොහෝ දෙනාගෙ මත‍යක් තමයි සින්දුවකට රූප රචනයක් තියෙන්න ඕනමයි කියන කථාව.ඒත් මම හිතන විදියට රූප රචනයක් තුලින් අපේ චින්තන‍යට බාදා කරල අපිව එක රාමුවකට කොටු කරනව.අපි අතීතෙ ගොඩක් සින්දු රස විදින්න ආසයි.තාමත් එක එක්කෙනාගෙ දැනීමේ හැටි‍යට රසවිදීමේ හැක්යාව මත අපි හිතින් ඒවට රූප රචනා හදනව.ඉතින් රූප රචන‍යක් ඒ දේවලට බාදා කලත් සමහර ඒව මතකයේ රැදිල තියනව.අපේ චින්තන රසඥතාව‍යට බාදා නොවෙන්න රූප රචකයා සින්දුවට සධාරණයක් කලානම් හරි සින්දුවට ගැලපෙනම රූපරචනය රූප රචකයා කරල තියෙනවනම් හරි ඒ දේවල් මතකයේ රැදීමේ හැකියාව වැඩී කියල මට හිතෙනව.ඒත්  චින්තන රසඥතාව‍යට බාදා නොවෙන්න කරන රූප රචනය මාර වැදගත් කියන එකයි මගේ මතය.මොකද එතනදි සින්දුවට හානියක් නොවී අපේ චිත්තරූප වලටත් බාධාවක් නොවී සින්දුව රසවිදින්න හැකියාව ඒ දෙයින් හම්බෙනව.කෝම වුණත් මොන දේ කීවත් අද තියන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එක්ක සින්දුවකට රූප රචනයක් තියන එක අත්‍යවශ්‍ය කාරණයක්.           

             ඉතින් මගේ අදහස් මම ඔයාලත් එක්ක කීව.මේ දේ ප්‍රසිද්දිය බලාගෙන කල වැඩක් නෙවෙයි ඒකත් කියන්න ඕනනෙ.හැමදාමත් මම හිතනව වගේ මේ දේට මම ආදුනිකයි.මම මේක ඔයාලත් එක්ක බෙදාගන්නෙ ඔයාලගෙ අදහස් දැන ගන්න.ඉතින් වැඩේට කැමතිනම් ඔයාලගෙ යාළුවො අතරත් මේක බෙදා ගන්න කියල පොඩි ඉල්ලීමකුත් කරන ගමන් ඔයාල දකින අඩුපාඩු මාත් එක්ක බෙදා ගනීවි කියල මම හිතනව.




 පා.ලි - මේ දේ කරන්න මට සහය වුණු සියලුම දෙනාට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නව.මට මේක කරන්න හම්බුනේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක් හින්ද ඉතින් ඉස්සරලාම මම නම නොකිය හදවතින්ම ඒයාට ස්තූති කරනව.ඊට පස්සෙ ඉස්සරලාම සමීරට ගොඩක් ස්තූතියි මචන්...ඉතින් ලහිරු,චාලි,ෂැගී,ලක්ෂාන්,නලින් අයියා දුන්න සහයෝගයට ස්තූතියි ගොඩක්.පසන්,ගයාන් අයියා,දුලන්ජලී,සාලිය මතක් කරන්න ඕන මධුන් වෙනුවෙන් ඔයාල දුන්න සහයොග‍යට මම ස්තූති වන්ත වෙනව.ඉතින් නම් කිය වුණේ නැත්නම් ඒ අයගෙන් සමාව ඉල්ලන ගමන් අවසාන වශයෙන් ඔක්කොලාටම කාල‍ය ශ්‍රම‍ය කැප කරල මම වෙනුවෙන් දක්වපු සහයෝගයට ස්තූතිවන්ත වෙනව.......










Tuesday, August 21, 2012

ආදරවන්තිය....


ගල් පිළිමයක් වුණානම්
හැගීම් දැනීම් නැතිව
උඹ කියන කථා අහන් ඉන්න
එත් කරුමෙට
ලේ ඇට මස් නහර වලින් හැදුන
හිතක් පපුවක් තියන
මනුස්සයෙක් මමත්....




දේශපාලනය සහ ඡන්ද දායකයා....


මම උඹේ සුවච කීකරු බලු කුක්ක
ආදරෙන් ඔලුව අත ගාල
ඇණපන් ටොකු
ඒත් මම
වනනව මගෙ වලිගෙ......

Friday, June 8, 2012

මෙගා ටෙලිනාටක සහ අපේ උපාසකයෝ...

                      
                       මම මෙහෙම මේ කතාව කියන්න පටන් ගන්නම්.1923 දී එඩ්වඩ් හාපර් (Edward Harper )  විසින් තමයි Radio Ceylon නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලිය අරම්භ කරලා තියෙන්නේ.ඒ වෙද්දී යුරෝපාකරෙත් ගුවන් විදුලිය විකාශ කරන්න අරන් යන්තම් අවුරුද්දක් දෙකක් විතර ඇතිලු.ඉතින් Radio Ceylon ආයතනය ආසියාවේ ප්‍රථම සහ පැරණිම සේවය කියල හදුන්වනවා.ඒ වගේම තමයි 1972 දී TV Sri Lanka නමින් පෞද්ගලික නාලිකාවක් වශයෙන් රුපවාහිනී විකාශනය අරම්භ කරනවා.අපේ රටේ වර්ණ රුපවාහිනී විකාශනය  අරම්භ වෙද්දී ඉන්දියවෙවත් ඒ ක්‍රමය තිබිල නෑ.1982 වසරේ ජපන් රජයේ පරිත්‍යාගයක් විදියට රූපවාහිනී සංස්ථාව  අරම්භ වෙනවා.1992 දී MTV ආයතනය ප්‍රථම පෞද්ගලික නාලිකාව විදියට ස්ථාපිත වෙනවා.මේ වෙනකොට පොළවේ සිට විකාශනය කරන රාජ්‍ය සහ  පෞද්ගලික  නාලිකා ප්‍රමාණය 17 කට වැඩී.මේවා නොමිලේ නරඹන්න හම්බෙනවා වගේම මේවගේ සිංහල දෙමල ඉන්ග්‍රීසි යන භාෂා තුනෙන්ම විකාශන කටයුතු සිද්ධ වෙනවා.මේක කුඩා දුපතක් වන අපේ රට ලබා ගත්ත ජයක්ග්‍රහණයක් වෙනවලු අනිත් විශාලත්වයෙන් වැඩි රටවලත් පොළවේ ඉදන් විකශනය වන නාලිකා ප්‍රමාණය මීට වඩා අඩු නිසා.1979 ඉදන් ලංකාවේ වර්ණ රුපවාහිනී විකාශනය ක්‍රියාත්මක වුණත් බොහෝ අය පාවිච්චි කරලා තියෙන්නේ කළු සුදු රුපවාහිනී යන්ත්‍ර.වර්ණ රුපවාහිනී මිල අධික වීමත් විදුලිය නැති තැන් වලට කාර් බැටරි වලින් හරි රුපවාහිනී බලන්න පුළුවන් වීමත් ඒ දවස් වල මේකට හේතු වෙලා තියනවා.එත් අද වෙද්දී කළු සුදු රුපවාහිනී යන්ත්‍ර හොයා ගන්නත් බැරි තරම්.ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් ත්‍රිමාණ ශබ්ද(stereo sound system) සදහා යොමු වෙනකොට ලංකාව ආසියාවේ මුල් වරට සංඛ්‍යංක(digital)ශබ්ද ක්‍රමයක් වෙන NI CAM(Near Instantaneous Compounded Audio Multiplexing) ක්‍රයමයට යොමු වෙනවා.ස්ටීරියෝ ක්‍රමයට ශබ්ද යවන්න හැකිවීමත් එකවර භාෂා දෙකක් යවන්න පුළුවන් වීමත්  භාෂා ‍දෙකකින් ප්‍රේක්ෂකයාට එකම වැඩසටහන නරඹන්න පුළුවන් වීමත් මේකේ තියන විශේෂත්වයක් වනවා.ඒ වගේම මේ මගින්  භාෂා වක් සමග data chennel එකක් හෝ දෙකක් හෝ යැවීමෙන් අමතර තොරතුරු දැන ගන්නත් හැකියාව ලැබෙනවා. 
                දැන් ඇති වගේ ඒ කතාව කීව.තව තව ඕක කියවන්න ගියොත් කිසි තේරුමක් නැති වෙනව.ඕක මම හොයා ගත්තෙ ස්ටැන්ලි තිලකරත්න ගුරු පියාණන්ගේ ලිපියකින්.ඒ කවුද කියල මම හිතන විදියට අමුතුවෙන් කියන්න ඕන නෑ කියල මම හිතනවා.මම කියන්න හදන කතාව ඕක නෙවෙයි.මට හිතුන අපේ රටේ අතීතෙ ගැන පොඩි අදහසක් දෙන්න මට හිතෙන ගොම් පාර්ට් කතාව කියන්න කලින්.මම ඒ කීව කථාටික මේ එකකටවත් අදාල නැති වෙන්නත් පුලුවන්.සමහර විට ඒ කීව කතන්දර ටික ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්.මම ඔය කීව අතීතෙ වගේම දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් අපේ රටේ තියනව.අද කෝ ඒ "stereo" තාක්ෂණේ.අද කෝ ඒ "NI CAM".ඕව කියනවට වඩා හොදයි ඔලුව ගලක ගහ ගන්නවනම්.තාම මම දන්න විදියට   "stereo" තාක්ෂණය පවිච්ච් කරන්නෙ චැනල් කීපයයි.අපේ රට තාම "analog" තාක්ෂණෙන් දුවන්නෙ.සමහර චැනල් "digital" උණාට වැඩක් නෑ "system" එක "analog"උණාම.අතීතෙ තිබ්බ තාක්ෂණෙන් වැඩක් වෙනවද දැන්.එත් ඒවයෙන් වත් වැඩක් ගන්නවද?අද ලෝකෙ  "digital"  වලටත් වඩා එහා ගිහින් එච්චරයි මම දන්නෙනම්.
                  අද අපේ හුගක් දෙනා දන්නේ බොළද මෙගා ටෙලි නාට්‍යයක ‍ප්‍රෙමවන්තියගේ හරි ප්‍රෙමවන්තයගේ හරි චරිතේ රගපාන්න විතරයි.ඒ පිටු අතරේ ගොඩක් අයගේ ඔලු හිර වෙලා.එත් අපි ගොඩක් දෙනා දන්නැති හිතන්නේ නැති කාරනේ තමයි වැඩි පිරිසක් මේ මෙගා ටෙලි නාට්‍ය බලන්න හේතුව මොකක්ද කියන කතාව.ඒක මටත් තාම ප්‍රශ්නයක්.සිරස නාලිකාව ශාන්තී වගෙ ඉන්දියන් මෙගා ටෙලි නාට්‍යක් අපෙ රටට ගෙනල්ල හඩ කවල පෙන්නන්න ගත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ මම අහන්නැ ඒක මේ මොළ වලින් අහල වැඩක් නෑ.කෝම වුණත් මෙගා ටෙලියක කොටස් ගාන සීමා කල එක ගැනනම් මම සතුටු වෙනව අවන්කවම.
              අද නළු නිළියො මම මේ කියන්න යන කොටසට අයිති වෙන්නෙ සීයට ගානක්.ඒ මම කියන පිරිස හරියට පුම්ඹල උඩ යවන්න තියන් ඉන්න බැලුන් වගේ.පාට පාට ලස්සන බැලුන් තියනව ලොකුවට පිම්බිල එත් ඒව කිසිම දේකට ඔරොත්තු දෙන්නෑ.යන්තම් අවුවක් ආවත් පිපිරිල යනව.ඉතින් ඒ පිපිරෙන්න යන බැලුන් තමා මේ ගොඩක් මෙගා ටෙලි නාටක වල රගපාන්නෙ.ඒ ඉන්න සමහරු අතරෙ රූගත කරන දිනේ තීරනේ කරන බැලුන් තියනව.ඒ තරමට එයාල කාර්ය බහුලයි.ඒ අතරෙ මට  "makeup"  එක මේ විදියට දාන්න ඕන කියන බැලුනුත් ඉන්නව.රූගත කරන ඇදුමත් සමහරුන්ට ඕන විදියට තමා තීරනේ වෙන්නෙ.ඉතින් ගොඩක් අධ්‍යක්ෂක වරු අසරණ වෙන වෙලාවල් එමටයි.මොකද මේ කියන පාට පාට පිම්ඹ්ච්ච බැලුන් වලට අපේ රටේ මම කලින් කීව හුගක් දෙනා පට්ට ලව්.ඉතින් මොන ජාති දැම්මත් ඉල්ලන්නෙ ඒකනම් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු අසරණයි.ඒත් ඒකට අයිති වෙන්නෙත් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු කොටසයි.ඉතින් කොච්චර කීවත් ඔච්චර තමා.මේ දේවල් කොයින් ඉවර වෙයිද ඒක තියෙන්නෙ අපේ අතේම තමා .මගෙ යාළුවෙක් ඉන්නව එයාට කෝල් එකක් ගත්තම අන්තිමේදි එයා කියන දෙයක් තියනව මම ඒ කථාව කියල මම මේ කීව ගොම් පාට් කථාව නතර කරන්නම්.ඒක කියන්න කලින් කියන්න ඕන ආගම් බේදයක් නෑ මේ කීව එකකටවත්.ඔන්න ඒමනම් "මට බුදු සරණයි"


Sunday, June 3, 2012

ආදරේ මාවත සොයන්න එන්න....

















තනියට කථා කරන්න
එපා වුණ හදවත් විවර කරන්න
නන්නත්තාර තනිකමට ගොළු වෙල ඉන්න කියන්න
ආදරේ මාවත සොයන්න එන්න

ප්‍රෙමයේ එක්ටැම්ගේ බිදින්න
ආදරේ හඬ අදුනා ගන්න
රාමුවුණ ජීවිතේට යන්න කියල කියන්න
ආදරේ මාවත සොයන්න එන්න

බලාපොරොත්තු පුරවාලන්න
බැදීම් වලට ඉඩ දෙන්න
අරමුණු නැති ජීවිතේට අරමුණක් කියා දෙන්න
ආදරේ මාවත සොයන්න එන්න


Friday, April 27, 2012

ආදරේට විරාමයක් තියන්න.....



















පාට පාට සමනළුන්ට අත වනා අඩඟසන්න
අහස පුරා ඔබත් එක්ක පියාඹන්න අඩඟසන්න
සුවඳ පිරුණු මල් අතරින් ආදරෙට නව සුවදක් සොයන්න
ආදරේට විරාමයක් තියන්න

තරු අතරින් ඔබ ඇවිදින් විෂ්වාසෙන් අතවනන්න
ආදරේට කියන කථා හදෙන් අහල මට කියන්න
පාට පාට ලෝකෙක සැරි සරන්න
ආදරේට විරාමයක් තියන්න

ඉරට හොරෙන් සඳු එක්කල මගෙ ආදරෙ බර කිරන්න
විෂ්වාසය මැනල අරන් ආදරේට පණ පොවන්න
ආදර හීනේ ඔබ එක්කල රූ අදින්න
ආදරේට විරාමයක් තියන්න

නාදුනන ප්‍රේමය....



















අහස් වියන යට ඉදන්
වසන්තයට මා අත වැනුවා
අදුරු ගිම්හානෙට සමු දීලා
ඔය දිලිසෙන නෙතුලඟ මා යලි තනි වූවා
අතීතයේ සිතුවිලි ගිලිහීලා
සිහින වලට ඔබ ඇවිදින්
අලුතින් රූ ඇන්දා
පලු නිවහනේ දොරගුළු ඇරලා
ඉගිලෙන්නට මාවත මා සෙවුවා
ප්‍රර්ථනා මල් කැකුළු ආයෙත් පිබිදීලා
විකසිත වන්නට අවසර පැතුවා





අහසේ තරු කැටයක් වෙන්නට ඇත්නම්....



















අහසේ තරු කැටයක් වෙන්නට ඇත්නම්
ඔබ මා තනිකර ගිය දා
සඳු ලඟට වෙලා
ඉකිබින්දා.....

දොඩමළු වදන් අහසට පා වුවා
සිතුවිලි තරු අතරින් තෙරපීලා
සිහින නොදුටු සිහිනෙක රූ ඇන්දා
ප්‍රර්ථනා අහසට විසි කෙරුවා

සඳ එලියේ ඔබෙ සුසුමන් බොඳවීලා
තරුවල කඳුළු පවා මට දැනුණා
බැදීම් නැති බැදීම් ලඟ මා තනිවීලා
ඔබේ මතක සුව වින්දා

මට මම වෙන්න ඉඩ දෙන්න... හැකිනම් ඔය හිත ආපසු ගන්න....


අමාවකේ සඳ තනිවී
තරු විසිරිලා ගිහින්.....
මගේ කඳුලු වල දැවටී
තරු ඳිලිසෙනවා.....


දේදුන්නක් පායලා මගේ කඳුලු පිස දැම්මා....
පාට වලින් මගේ දෑසම බොඳවූවා....
සඳ ලග ඉඳගෙන මම තනි රැක්කා....
හීන වලම තනිවී මම හිටියා.....

අමාවකේ දවසක් සඳ පෑයුවා...
ප්‍රාර්තනාවන් අහසේ
තරු ගත්තා....
ඹබගැන සිතමින් මම අද නිඳි මැරුවා.....

ඇය....


























ඇස ගැටෙන මානයෙන් එහා
ඉගිලෙන්න තටු සොයන
ආඩම්බරකාරියෝ..

හිත දවන ඔය දෙනෙත් සඟවලා
මුව පුරා සිනා සෙයි අඟවලා
තොල් පුරා සායම් මතුරලා
මාවතේ තනිවෙලා

අහින්සක සිත පුරා වැලපිලා
උන් සැමව සතපවා සනසලා
මායමින් ආලෝකෙ රඟ රඟා
අදුරට දුක කියනා

Thursday, April 26, 2012

නන්නත්තාර තනිකම........















අන්ධකර රත්‍රියේ 
සඳ මැරුණු අමාවකේ
නන්නත්තාර තනිකම ලග
අනගතේ මල් පරවෙලා

සොයා යන සිතුවිලි
ඇවුලුණු ගින්ණේ දැවී ගියා
දැවී නොදැවුණු ආදරේ
නිම්නාද දෙයි දෙසවන් පුරා

ඇවිද යන මළ මිණී ලග
තියන තියන අඩි කාසි වලට දියවෙලා
නිරුවත් පොලව උඩ
මගේ සිත අද මහලු වෙලා

Friday, March 2, 2012

රූපවාහිනී එකේ ආයෙත් රොබින් හුඩ් පෙන්නනව.....


               මම සමාන්‍යන් ට්වී බලන කෙනෙක් නෙවේ. මට එක අතකට  ඒක එපා වෙලා අනිත් අතට කීවොත් අප්පිරිය වෙලා.කෝමහරි මට අයෙත් රෝබින්හූඩ් තේමා ගීය ඇහෙන්න ගත්ත ලගදි ඉදන්.ඒක ඇහෙනකොට මට පොඩි කලේ මතක් වෙනවා අයෙමත්.එත් එක්කම ලොකු දුකකුත් ආව.ඒ හින්දමයි මේක මම දාන්නා ඕන කියල හිතුවෙත්.ටයි මාම අපෙන් ගිහින් දැන් මාස ගානක්.එත් එයා තාම අපි ලග ඉන්නවා ඒ වුනත් අපි තාමත් එයා වෙනුවෙන් දෙයක් කරලා නෑ නේද කියන දුක මට තියනවා.කොච්චර ඒ නිර්මාණ වලට ආදරේ කලත් තාමත් අපිට ඒ නිර්මාණ වලින් මිදිලා අලුත් නිර්මාණයක් කරන්න බැරිවෙලා.අඩුගානේ හරි හමන් විදියට පරිවර්තනයක්.ඇත්තටම එම දේවල් නැතුවද නැත්නම් නවකයන්ට තැනක් නැතුවද.මම දන්නෑ මේවට වග කියන්න ඕන කවුද කියල.එත් ඒවාට අපිත් කොටස් කාරයෝ.ඉතින් මට ආයමත් ටයි මාම අපෙන් ගිය දවසේ මම මූණු පොතට දැම්ම පොඩි දෙයක් මතක් වුණා.ඔයාලත් එක්ක අයෙත් ඒක share කර ගන්න ඕන කියල හිතුවෙ ඒකයි.ඉතින් මම ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්.මමනම් මගේ ගොම්පාට් එක ඇතුලේ මට පුළුවන් දෙයක් කරන්න උපරිම ට්‍රයි එක දෙනවා.ඔයාල මොකද ඒ ගැන කියන්නේ?  

Wednesday, February 29, 2012

මම ලිවීමට දක්ෂයකු නොවෙමි...

                                   පොතක සටහන් තැබීමට තරම් සිතක් මට නැත.නමුත් Blogger සටහනක් ඇරඹීමට මට ඇතිවූ අදහස පුදුම සහගතය.නමුත් ඒ ඇයිදැයි මා නොදනිමි.පළමුව සදහන් කළ යුත්තේ ඉහත මාතෘකාවේ පරිදිම මම ලිවීමට දක්ෂයකු නොවන බවයි.නමුත් මා සිංහල භාෂාවට ආදරය කරමි.ඊට විශේෂ හේතුවක් නැතත් එය භාවිතයට මා සතු කැමැත්ත මෙන්ම මගේ ඉන්ග්‍රීසි දැනුමෙහි අඩු ලුහුඩු කම්ද ඊට හේතු වන්නට පිළිවන.කෙසේ වෙතත්  මම ගැන නිර්වචනය කිරීමට වඩා  ඉදිරි නිර්මාණ ඇසුරින් මා හදුනා ගැනීමට ඔබට හැකිවෙතැයි සිතමි.
                              මිනිසාගේ රසඤතාව රදාපවතින්නේ ඔවුනොවුන්ගේ දැනීමේ හෙවත් සංවේදීතාවයේ ප්‍රමාණය මතය යන හැගීම මා තුළ වේ.එයද රටක හෝ සමාජයක සංස්කෘතික සාමාජීය කාරණා අනුව වෙනස් වේ.උදාහරණයක් ලෙස දෙමළ හෝ හින්දි චිත්‍රපටයකට ඇති කැමැත්ත තවෙකෙකුට නැත.ඉතින් මා දරන පරිශ්‍රමයද එක් එක් පුද්ගලයා‍ට ඔවුනට අවේනික රසඤතාව මත රදා පවතිනු ඇත.

                       බොහෝ පිටරට පිරිස්, මෙරටින් පිටරට ගිය පිරිස් එමෙන්ම සමහර ලාංකික පිරිස් අප හදුන්වන්නේ දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නන් ලෙසයි.ඊට හේතුසාධක සොයන්නට මා පෙළ‍බෙන්නේ නැත.එහි ඇත්ත නැත්ත සෙවීමට වඩා එම දූපත් මානසිකත්වයේ කොටස් කරුවකු වන මාගේ අදහස් ඔබ සමග බෙදාගන්නට මෙසේ අවසර පතමින් දැනට මම නවතිමි.