Wednesday, February 29, 2012

මම ලිවීමට දක්ෂයකු නොවෙමි...

                                   පොතක සටහන් තැබීමට තරම් සිතක් මට නැත.නමුත් Blogger සටහනක් ඇරඹීමට මට ඇතිවූ අදහස පුදුම සහගතය.නමුත් ඒ ඇයිදැයි මා නොදනිමි.පළමුව සදහන් කළ යුත්තේ ඉහත මාතෘකාවේ පරිදිම මම ලිවීමට දක්ෂයකු නොවන බවයි.නමුත් මා සිංහල භාෂාවට ආදරය කරමි.ඊට විශේෂ හේතුවක් නැතත් එය භාවිතයට මා සතු කැමැත්ත මෙන්ම මගේ ඉන්ග්‍රීසි දැනුමෙහි අඩු ලුහුඩු කම්ද ඊට හේතු වන්නට පිළිවන.කෙසේ වෙතත්  මම ගැන නිර්වචනය කිරීමට වඩා  ඉදිරි නිර්මාණ ඇසුරින් මා හදුනා ගැනීමට ඔබට හැකිවෙතැයි සිතමි.
                              මිනිසාගේ රසඤතාව රදාපවතින්නේ ඔවුනොවුන්ගේ දැනීමේ හෙවත් සංවේදීතාවයේ ප්‍රමාණය මතය යන හැගීම මා තුළ වේ.එයද රටක හෝ සමාජයක සංස්කෘතික සාමාජීය කාරණා අනුව වෙනස් වේ.උදාහරණයක් ලෙස දෙමළ හෝ හින්දි චිත්‍රපටයකට ඇති කැමැත්ත තවෙකෙකුට නැත.ඉතින් මා දරන පරිශ්‍රමයද එක් එක් පුද්ගලයා‍ට ඔවුනට අවේනික රසඤතාව මත රදා පවතිනු ඇත.

                       බොහෝ පිටරට පිරිස්, මෙරටින් පිටරට ගිය පිරිස් එමෙන්ම සමහර ලාංකික පිරිස් අප හදුන්වන්නේ දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නන් ලෙසයි.ඊට හේතුසාධක සොයන්නට මා පෙළ‍බෙන්නේ නැත.එහි ඇත්ත නැත්ත සෙවීමට වඩා එම දූපත් මානසිකත්වයේ කොටස් කරුවකු වන මාගේ අදහස් ඔබ සමග බෙදාගන්නට මෙසේ අවසර පතමින් දැනට මම නවතිමි.