Monday, May 20, 2013

"යුද්ධය නිමාවෙලා...පශ්චාත් යුද්ධය ඇරඹිලා...."

















යුද්ධයක් නැති යුද්ධයේ
අතරමන්වී
සාමයේ හඬ අසමින්
නොපෙනෙනා ලේ විලක් අභියස
ජයක්ග්‍රහණයෙ
අනන්තය දකිමින්

තුවක්කුවෙ නැති උණ්ඩයේ බර
සමාජය දරමින්
කැරකෙනා හෝරා කටුව ලඟ
ජීවිතය ගෙවමින්

අළුවෙලා ගිය පැතුම් අභියස
අපි අපිව සොයමින්
අන්ධකාරයෙ හුස්ම ගන්නට
ආදරය යදිමින්...



යුද්ධයකින් පස්සෙ ඇතිවෙන පශ්චාත් යුධ වකවානුව කියන්නෙ යුද්ධෙන් මිරිකිල හිටපු මිනිස්සුන්ගෙ හැගීම් දැනීම් පිටකරන්න පුළුවන් නිදහස් කාල වකවානුවක් ඇවිත් කියන එක,ඒත් ලංකාව තුළදි ඒක තවත් යුද්ධයක් විතරක්ද?...



ලක්ෂිත ප්‍රසාද් වීරසේන