Thursday, July 11, 2013

තනිකඩව මේ මාවතේ....












ඉරුණු අත්තටු සිඹින්නට ආ
වැටුණු වැහි බ්දු ඔබ නමින්
තනිකමට උරුම කළ ග්‍රීස්ම මතකයේ
හිරිකඩද හැරදා බලා සිටී මා

දුරම දුර වස්සාන සිහිනයේ
හදවතක් නැති දෙවුදුවයි ඔබ
කටු අත්තටු හිමි කර දී
පියාඹන්න නිදහස අහිමි කළ

පතුලක් නැති අනාගත ඉරණමේ
ගිණි මලක් පිපී එළිය දෙන අතීතයේ
අහිමි හදවත හොයා යමි මා
තනිකඩව මේ මාවතේ


ලක්ෂිත ප්‍රසාද් වීරසේන