Tuesday, September 23, 2014

මට මතකයි...අද උඹේ උපන්දිනේ...




උඹේ උපන්දිනෙ කියන්නෙ 
මට මතකයන් ගොඩක උල්පතක්
ඒ මතකයන් මාව හැමදාමත් ජීවත් කරවනව 
හදවතට සමීප වුණ ලෙන්ගතුකම්
සදා නොමැන්කෙන මතකයන් වෙලා
මට වෙලාවකට හිතෙනව
මේ මතකයන් කෝච්චියක් වගේ,
උඹයි මමයි රේල්පීළි දෙකක් වගේ කියල
සමාන්තරයි ඒත් එකතු වෙන්නෙ නෑ
ඒත් පීළි නැතුව කෝච්චියෙ පැවැත්මක් නෑ
මම බලන් ඉන්නම්
උඹ හැමදාමත් සතුටින් ඉදපන්

උඹට සුභ උපන්දිනයක්...


Wednesday, July 30, 2014













වරෙක
උඹ දිහා බලන්
සිනා සෙන්න හදද්දි
උඹ ඒ හිනාව අරන්
කඳුළු මට දුන්න...
අහක බලන්
කඳුළු හලද්දි
උඹ...
ආයිමත් ඇවිත්,
ජීවිතේ ඉල්ලනව

ලක්ෂිත ප්‍රසාද් වීරසේන

Saturday, May 3, 2014

මාවතේ අපි තනි වුණා

මාවතේ මඟ නැවතිලා
අපේ අත් පැටළුණා
මතකයි මට එදා
මුළු ලොවක් හැඩ වුණා

හිරු සායමේ කැළතිලා
මගේ ඇස් සැගවුණා
ඇන්ද ඒ රූ රටා
සෙවනැල්ල සිත්තම් කලා

ඇසිපියන්  ඇහැරිලා
සිත පුරා හිනැහුනා
මුමුනමින් පෙම් කතා
නුඹ මාව සැනසුවා

හිරු අවරෙ සැගවිලා
මාවතේ අපි  තනි වුණා
නුඹ ලගින් උන් නිසා
ජීවිතේ තව හැඩවුණා

Friday, March 14, 2014

ආදරය අද නිරුවත් වෙලා...













උන්මත්තක සෙනෙහස අභිමුවේ
නුඹ නොයෙනා බව දැන දැනත්
ආත්මය නොකියනා
හැගීම් මාත්‍රාවක් සොයා
ඕපපාතික හදවත
දැවි දැවී කදුළක් වෙලා...

වින්දනීය වූ
දැනෙන නොදැනෙන
බැදීම් තුරුලට අරන්
නුඹ නුඹ සොයා
මා මා සොයා
වෙහෙසීම දෝතට අරන්
විදවීම අතරමන් කලා...

සැනසීමක් සොයා
සමාව අයදිනා
සදාතන සිහිනයේ
ආදරය අද
නිරුවත් වෙලා...


ලක්ෂිත ප්‍රසාද් වීරසේන