Tuesday, October 10, 2017

සද නොමැති
අමාවක රාත්‍රියක
අමාවක හද
පායන් ඇවිත්
සිත් අහස
සිත්තම් කරන්න

සීතලට පිපුණු
හිරිගඩු
මීදුම් සලුවෙන්
වසාගෙන
ලියූ හිස් කොළ
පිරෙන්න

එකතු කළ
අදුර තවරන්
දෑත් වලට
පාට කරන්න හිතයි
අදුරින්ම,
මතක හෙලුව
ලෝකෙටම පෙනෙන්න
ආයිමත්
නොමැකෙන්න.

ලකී...

Saturday, October 7, 2017

කණාමැදිරි එළියක්
අදුරේ පියාසරනා
කණාමැදිරි එළියක්
සුළගට මුසුවෙලා

රෝමාන්තික රාත්‍රියේ
මා අවටම කරකැවෙනා
සෙවනණැල්ලක්
සිහින සැණකෙලියෙන්
ණයට ගත් සිනාවෙන්
සිනාවෙන
සෙවණැල්ලක්

දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළියේ
සිහිනයක් සොයා
සුළගට මුසුවෙලා

නොදැනම
ආශාවන් පිරි
නිමේෂයක්
සොරකම් කරන්
ඇවිදින්
සිහින රාගයේ
රවටිලිකාර කතාන්තර
කියන්න
හයියක් වෙලා
දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළි
සත්‍යයේ
අතරමන්වෙලා

ලකී...

Wednesday, September 27, 2017

සිහින ගනිනා
පෙර සිහින ළග
මදක් නැවතී
පසු මං බලා

දැවී අලුවෙන
තාරකාවක්
දෙස බලා සිට
පැතුමක් කලා

අරමුණක් නැති
පැතූ පැතුමන්
හිස් අහස යට
දියවුණා

යළිදු දවසක
මුණ ගැසෙන්නට
හිස් අතින්
පෙර මං ගියා

ලකී...

Tuesday, September 12, 2017

COINS 3ත් ඉවරයි...දැන් මොකද වෙන්නෙ...


මතකයන් ආයිමත් හුස්ම ගන්න අරන් කියල දැනෙන්න ගත්ත 9 වෙනිද රාත්රී කාලෙදි.Film එකක් හදන්න ලක්ෂ පනහක්.මටනම් ඒක හීනයක් ඒත් අපේ තුන්වෙනි පරම්පරාවෙ පොඩි එකෙක්ට මේ වාසනාව හිමිවෙනව.මම මේ ගැන  මුලින්ම දැනගත්තෙ පැරා දාල තිබ්බ ලිපියකින්.ඒක කියවද්දි මට ඇග හිරිවැටිල ගියා.ඒත් මට ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ මේ ගැන.ඒත් ඇස් දෙකෙන් අවස්ථාව විදින්න ලැබුනම ඇග හිරිවැටුන වගේම ඇස් අගට පොඩි කඳුලක් එකතු වුණා සතුටට.මට වගේම හැගීම එතන හිටපු අපේ හැම එකෙක්ටම දැනුන කියල මම හිතනව.මොකද මේ ගමනෙදි අපි හැම එකාම මූණ දුන්න දුක් කඳුලු මේ මුදල තුලින් අපි ජයන්ග්රහණය කලා කියල හිතනව.මම ජයක්ග්රහණය තොල කට වේලිල ස්ටේජ් එකට නැග්ග කතා කරගන්න බැරිවුණ පොඩි එකා තුලින් විදගත්ත.

මේකෙ හිටපු පලවෙනි පරම්පරාවෙ එකෙක් විදියට 2009 ඉදන් මේ වෙනක්ම් ආපු ගමන ගැන පොඩි මතක ටිකක් එකතු කරන්න මම කැමතියි.ඉස්සරලම මේකට උරදුන්න පතාක යෝධයන්ව පොඩ්ඩක් මතක් කරන් ඉමු.

M.D මහින්දපාල,සර් තමයි මට චලන චිත්රයේ අයනු ආයනු ඉගැන්නුවෙ. සංවේදීකම් ඇතිවෙන්න අපි හැමෝම යොමු වුණේ නිසයි.ඊයෙ අද වගේම හෙටත් අපේ හදවත් වල උඩම තැනක සර් හැමදාමත් විරාජමානයි.එදා මාව ලගට ගෙනත් දැන් මොකද කරන්නෙ කියල අහන්න තරම් සර් නිහතමානි කියන එක මම මතක් කරන්න ඕන.එදා මට සර් කීව කතාව මතකයි."තිස්ස අබේසේකර මට කීවෙ පුලුවන් තරම් දැනුම දෙන්න ඒත් ළමයි යන්නෙ කොහාටද කියල හිතන්න එපා".සර් දුන්න දැනුම අපතෙ ගිහින් නෑ. වගේම අපේ එකෙක්වත් දැනුම අපතෙ යන්න දෙන්නෙත් නෑ.අපේ ජීවිත වල legend ඔයයි හැමදාමත්. වගේම එදා දවසෙදි සර්ව අගයන්න කටයුතු කල එක ගැන අපේ පොඩි වුන් හැම එකාටම මම ස්තූතිවන්ත වෙනව.
ධනුෂ්ක ගුණතිලක මම සර්ව නමින් විතරක් මතක් කරන්නම්.මොකද නම අමුතුවෙන් කියන්න ඕන නෑ වගේම හෙවණැල්ල අපි පස්සෙන්ම ඉන්නව කියල මම දන්නව.මම දැක්ක සැන්ඩිගෙ අදහසකට  දාල තිබ්බ වචන ටික.ඉතින් සර් බලන් හිටපන් film hall එකේ පළවෙනි පේළියෙ ඉදන් අපි එනකම්.අපිට වාතයක් වෙන තරමටම අපිත් සර්ට  ආදරෙයි හැමදාමත්. නිසාම අපිත් වාතයක් වෙනව හැමදාමත්.
වසන්ත ඔබේසේකර,සර් නම් අපිව දාල ගියා.හිටියනම් මේ වෙලාවෙ ගොඩක් සතුටු වේවි.සර්ට අපි හැම එකාම ණයයි මට හිතෙන විදියටනම්.පුලුවන්නම් ආයිමත් කොහෙ හරි ඉපදිල අපි හදන film එකක් බලන්න ගැලරියෙ ඉද ගන්න කියල විතරක් මම කියන්නම්.
සුදත් මහදිවුවැව,සර් හිටවපු බීජ ටික පැළවෙල වැඩිවියට පත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.මම මේ විදියටම කියන්නම්.ඉතින් දිවුල අපි හැම එකාටම සෙවණැල්ල තව දුරටත් ඕන.
මට ලොකු සතුටක් තියනව හැම වෙලාවෙම පස්සට වෙලා මේකෙ බර ඇදපු අපි කවුරුත් ආදරේ කරන හෙලේනව(හෙලන් මුතුමිණ) එදා ස්ටේජ් එක උඩට ගෙන්වපු එක ගැන.හෙලේන කෝල් කලාම හරි හම්බුනාම හරි අහන ප්රශ්නයක් තියනව."දැන් මොකද කරන්නෙ"මම් හිතනව මගෙන් වගේම බහුතරයකින් ඔය ප්රශ්නෙ අහනව කියල.මම ආසම කරන්නෙ අපි උත්තරේ දුන්නම,දෙන පිළිතුරු උත්තරේ අහන්නයි.ඉතින් අපි දෙන උත්තරේ මොකක් වුණත් හැමදාමත් හම්බුනාම ප්රශ්නෙ අහන්න කියල ඉල්ලීමක් කරනව.
තුෂාණි බුලුමුල්ලෙ,මිස් තිරේ පිටිපස්සෙ ඉදන් මේ වෙනකම් දෙන සපෝට් එකට ස්තූතියි. වගේම SLF එකේ රූපිකා මිස් ඇතුලුව අපිට තේ එක දුන්න අයියගෙ පටන් අපි වෙනුවෙන් කැප වුණ හැම දෙනාටම තුති.
මම මේක වෙලාවක් කරගන්නෑ අපිට උගන්වපු ඔක්කොලම මතක් කරන්න. ඔක්කොලාම ආදරෙන් මතක් කරනව.ඒත් චිත්රාල් සර්,රනිල් සර් දෙන්නවනම් මට මතක් නොකර බෑ.රනිල්, අහගත්ත බැනුම් අදටත් මතකයි.අපේ එඩිට කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි සර්ල දෙන්න උන්ට මොනාද දුන්නෙ කියල.ආදරෙයි හැමදාමත්.
COINS නම හැදෙන්න මුල් අඩිතාලම වැටෙන්නෙ ලාල් හරේන්ද්රනාත් සර්ගෙන්.ඇත්තටම සර් තමයි මට මතක විදියට අයිතිය දෙන්න ඕන. වගේම  එක හදද්දි සර් දුන්නු අදහස් තාම මතකයි.
Film හදන වැඩේ ඇතුලෙදි මාධව අයිය(මධව පතිරණ)  Directing සෙට් එකේ පලවෙනි අයිතිය ලබාගත්ත.උඹේ Film  එක බලන්න මම අතුලු හැමොඅම කෑදරකමින් බලන් ඉන්නව.ඉක්මනින් පෙන්න ගන්න බලපන්.හොද නැතත් නරක අහන්න බලන් හිටපන් උඹ ඒක ඇතුලෙ.ඒත් කුලයි සිතුමයි තමා පලවෙනි film එකට අත ගහන්න වාසනාවන්ත වුණේ.දිමුතුව,සමන් අයිය යන ගමන පැහැදිලියි.දෙවෙනි පරම්පරාවෙත් කීප දෙනෙක්ගෙම වැඩ අපිට බලාගන්න පුලුවන්කම තියනව දැන්.ඉතින් අපි බලන් ඉන්න ගමන් හැමෝටම පුලුවන් විදියට සපෝට් එකක් දෙමු.අනික මතක තියා ගනිල්ල මේක ඇතුලෙදි fail වුණා කියන්න කෙනෙක් නෑ කියල.මොකද project ඇතුලෙ fail අය එලියෙදි වැඩ්ඩො වෙලා ඉන්නව.සම්මාන ගත්ත අය නිකන් ඉන්නව.ඉතින් හිතන්න එපා මට සම්මනයක් ලැබුන්නෑ කියන කාරණාව.
ඉතින් කොලුවො මම මේ කියන්නෙ අර ලක්ෂ පනහ අරගත්ත අපේ පොඩි එකාට.ඇත්තටම උඹ මට සමාවෙයන් මගෙ මූණු පොතේවත් උඹ නොසිටීම ගැන.මම උඹෙන් ඉල්ලීම් කරන්න යන්නෑ.උඹ උඹගෙ film එක හදපන් ඕන සපෝට් එකක් තියනවනන් අපේ ඕන එකෙක්ට කතා කරපන්.මට උඹව විශ්වාසයි.උඹ අපේ අයිතිය නැති කරන්නෑ.උඹ හැදුන තැන එක්ක උඹට බෑ ගොබ්බ film එකක් කරන්න.මොකද උඹ අපේ එකෙක්.

තව පොඩි පොඩි දේවල් ටිකක් තියනව කියන්න.එදා පොඩි සිද්ධියක් වුණා අපේ එකෙක්ට.කිසිම හැගීමක් නැතුව එතන හිටපු මම නම කියන්න අකමැති බලධාරියෙන් අපේ එකාගෙන් "තමුසෙ කවුද ඕයි"කියල අහනව.මම දන්නව උඹ මේ වෙනුවෙන් කරල තියන දේවල් එක්ක උඹට ඒක දරා ගන්න බැරිවුණා.මම මේ වෙලාවෙ මේක මතක් කලේ වෙලාවෙ මම උඹෙන් අයිමත් ප්රශ්නයක් ඇහුව "ඇත්තටම තමුසෙ කවුද"කියල.මම ලොකු හේතුවක් ඇතිවයි කතාව උඹෙන් ඇහුවෙ.අපි අපිටම කියල අනන්යතාවක් හදාගමු.එතකොට කාටවත් බෑ තමුසෙ කවුද කියල අහන්න එහෙම ඇහුවොත් අන්න එදාට උඹ අර මනුස්සයට දුන්න පිළිතුරු උත්තරේම දියන්."තමුසෙ කවුද ඕයි මගෙන් එහෙම අහන්න"කියල.ඒත් එතෙනට යන්න වැඩ කරපන්.ඉතින් මම හැම එකෙක්ටම කියන්නෙ අපි අයිමත් අපේ එකෙක්ගෙන් මොනම අවස්ථාවකදිවත් තමුසෙ කවුද කියන එක අහන්න ඉඩ නොවෙන තැනට වැඩ කරමු.ඒකයි වෙන්න ඕන.

එක මනුස්සයෙක් මෙන්න මේම කතාවක් කීව දවසක් "උඹලගෙ එකෙක්වත් කාගෙවත් අතකොලුවක් නෙවෙයි.උඹලට තියෙන්නෙ Academic  පාත් එකක්"
මනුස්සයම තව හීනයක් දකිනව මෙන්න මේ විදියට "ලංකාවෙ ස්වර්ණමය යුගය ඉවරයිනම් උඹල ලංකාවෙ දියමන්ති යුගය පටන් ගනිල්ල" කියල.
උඹ හිතනව ඇති මට මේක මතක තිබ්බද කියල ධනුෂ්ක සර්.ඒත් මට මතකයි.උඹ කියන විදියට ලංකාව ඇතුලෙ එකම ස්වාධීනව හිටගන්න පුලුවන් පරම් පරාව අපි.අපිට බැරිනෑ උඹ දකින හීනෙ හැබෑ කරගන්න. ස්වාධීනකම් ඇතුලෙ ඉදන් කල් ගියත් අපි හීන හැබෑවක් කරගමු.

2009 ඉදන් අවුරුදු 8ක්.ලේසි පහසු කාලයක් නෙවෙයි මටනම්.ගොඩක් දේවල් වෙනස් වෙලා.බබා උඹල හැමෝගෙන්ම පොඩි ඉල්ලීම් ටිකක් කරන්නයි යන්නෙ.මේ ආව ගමන දුෂ්කරයි කටුකයි නීරසයි.හැබැයි ඒවගෙ ප්රතිපල අපි යම් තරමකින් හරි මේ වෙද්දි උකහා ගන්නව.අපි බහුතරයක් අදටත් එකා වගේ ඉන්නව.අපි පටු පුද්ගලික අදහස්,පටු දේශපාලනික අදහස් වලට නැමුන්නෑ.ඒවට කොටස් කාරයො වුණෙත් නෑ.අපිට දෙවල් වලින් වැඩක් නෑ.ඒත් "DIGITAL FILM ACADEMY" කියන නම ඇතුලෙ අපි ස්වාධීනව හිටන් ඉන්නව. අපි හැම එකාගෙම අයිතිය අනන්ය තාවය.
දැන් බෝ පැලේ තරුණ වියට ඇවිල්ල.ගොඩක් එවුන් බලන් ඉන්නෙ මේක කොටු කරල අව තේව කරන්නයි.කිරි කල නැති,වතුර කල නැති පුදපූජා කරන්න මිනිස්සු නැතුව නියගයට අහුවුනත් මේ කාක බෝධිය අද වෙද්දි දලු දාල වැඩිල තියෙන්නෙ.ඒකෙදි බොරු පුදපූජා ඕන නෑ මමනම් හිතන්නෙ.සුපුරුදු හුදකලාව හොදයි.

ඉතින් මොන බාධක ආවත් අපි අපේ ස්වාධීනත්වය නැතිවෙන්න නොදී තියාගන්න බලමු.මගෙ එක ඉල්ලීමක් ඒක.
පුලුවන්නම් තෝ තැන්නක් හදන්න බලපල්ල.අපි හැම එකාටම එකතු වෙන්න පුලුවන් තැනක්.දැනුම බෙදා ගන්න එකිනෙකාට උදවු කරගන්න පුලුවන් තැනක්.ඒක හදන්න අපි අපේ පරම්පරාවෙ ඉදන් උත්සහ කලා.ඒත් බැරි වුණා.මට කියන්න ලැජ්ජයි මම අර පොඩි එකාව අදුනන්නෑ කියන එක. වගේම කොල්ලො උඹත් මාව දන්නැතුව ඇති.හැබැයි අපිට තව කාලය තියනව අදුන ගන්න.ඉතින් තො තැන්නක් හදා ගන්න බලමු.ඒක තමා බබා උඹලගෙන් කරන අන්තිම ඉල්ලීම.දැනට නවතින්නම් මොනම හරි අඩුපාඩුවක් වුනානම් සමාවෙයල්ල... 

ලක්ෂිත ප්රසාද්...