Saturday, August 19, 2017

අන්ධකාර රාත්‍රියේ


අන්ධකාර රාත්‍රියේ
රේණු වැටුණු වීදියේ
උත්ප්‍රේරිත චුම්බනයලඟ
පරවුණු මල් උණුසුම්වෙලා

නැගී එන සිසිලස
ගතේ හිරිගඬු සිත්තම් කලා
හිමි නොවන සුගන්ධය
හද පුරා පරාරොපිත වෙලා

හීනමාන වීදි එළියට
විකල්ප මල් විකසිත වෙලා
හිරු දකින හිමිදිරියෙ
නැවත හමුවෙන්න වෙන්වුණා

https://www.youtube.com/watch?v=k4kghatLmDQ