Sunday, October 22, 2017

නුඹ එන්න මා එක්ක දැවෙන ආදරේ නිවා දමන්න...

වැහි ලිහිණි දගකරන
වැහි කෝඩු හැන්දෑවෙ
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න

දෙතොලගින් තුරුල් වෙලා
දැවෙන හැගුමන් අවධිකරන්
සදටත් රහසින්
සෙවණැලි උපද්දවා
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේන් කතා කියන්න

හිමි අහිමි කෙළවරක
අසම්මත සිනාවේ
රැදුන ඒ සිනාවෙන්
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ බෙදා ගන්න

නැවත හමු නොවන්නට
වෙන් නොවන් හදවතින්
මත් බ්වින් මිදෙන තුරු
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරෙන් පෙම් කරන්න
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න....

ලකී...

Tuesday, October 10, 2017

සද නොමැති
අමාවක රාත්‍රියක
අමාවක හද
පායන් ඇවිත්
සිත් අහස
සිත්තම් කරන්න

සීතලට පිපුණු
හිරිගඩු
මීදුම් සලුවෙන්
වසාගෙන
ලියූ හිස් කොළ
පිරෙන්න

එකතු කළ
අදුර තවරන්
දෑත් වලට
පාට කරන්න හිතයි
අදුරින්ම,
මතක හෙලුව
ලෝකෙටම පෙනෙන්න
ආයිමත්
නොමැකෙන්න.

ලකී...

Saturday, October 7, 2017

කණාමැදිරි එළියක්
අදුරේ පියාසරනා
කණාමැදිරි එළියක්
සුළගට මුසුවෙලා

රෝමාන්තික රාත්‍රියේ
මා අවටම කරකැවෙනා
සෙවනණැල්ලක්
සිහින සැණකෙලියෙන්
ණයට ගත් සිනාවෙන්
සිනාවෙන
සෙවණැල්ලක්

දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළියේ
සිහිනයක් සොයා
සුළගට මුසුවෙලා

නොදැනම
ආශාවන් පිරි
නිමේෂයක්
සොරකම් කරන්
ඇවිදින්
සිහින රාගයේ
රවටිලිකාර කතාන්තර
කියන්න
හයියක් වෙලා
දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළි
සත්‍යයේ
අතරමන්වෙලා

ලකී...