Sunday, December 30, 2012



කාලෙකින් මොනම දෙයක්වත් ලියන්න බැරි වුණා.හිතෙන විදියටනම් ඒකට කියන්න වෙන්නෙ අවිවේකීකම කියල තමයි.අදත් ලොකු දෙයක් ලියන්නනම් වෙන්නෑ.ඔයාලත් එක්ක මම මූණු පොතට දැම්ම පොඩි දෙයක් බෙදා ගන්නයි අවෙ.

ලැම්බොගිනි රට වටේ...

නයිට් රේස් කොලොම්පුරේ....

චන්ද්‍රිකා ගුවනේ...හලාල් කන වටේ....

පාවෙන එළි දස අතේ....

සන්ස්කෘතිය පපුතුරේ....

අපි තාමත් දූපතේ...


                       මේ මට දැනුන විදි‍ය.මම දන්නෑ මේ ලීව දේ හරිද වැරදිද කියලනම්.ඒ තීරනේ තියෙන්නෙ ඔයලගෙ අතේ...





Wednesday, November 21, 2012

මිරිගුවකට පෙම් කරනු එපා ඔබ....


මිරිගුවකට පෙම් කරනු එපා ඔබ
එ‍ය මා හද සසල කරාවි

සැනසුම හිමි නැති
අහිමි හදක් ලඟ
අසරණ ඔබ
මියැදී යාවී

එපා කියනු බෑ
ඔබ හට යන්නට
අරමුණු නැති හද
ගොළුවේවී

සිහිසුන් සිහිනේ
කවුළු පියන්පත්
ඔබ වෙනුවෙන් වත්
විවර නොවේවී

යලි මතු දිනවත්
ඔබේ සෙනහසේ
අහිමි හද මගේ
ඉන්න පතාවී

Saturday, October 27, 2012

බල්ටි බබා...


කොටුවෙදි පොරක් පොඩි සෙල්ලම් බඩුවක් විකුනනව,
             "බල්ටි බබා...කඩේ රුපියල් 100 කියන එක මගෙ රුපියල් 30.ඕනම බිත්තියක ඕනම  උසක ඉදන් පහලටම එනකම් බල්ටි ගහනව...පොඩි බබාලගෙ විනෝදෙ පොඩි බබාලගෙ විනෝදෙ..."

පාට පාට බල්ටි බබාල කාඩ් ගානක්ම පොර ගාව තිබ්බ බන්...මරු ආතල් වැඩේ ඒක..මට හිතුන බන් අපේ ගොඩක් උන් මේ පාට පාට බල්ටි බබාල වගේමයි කියල..අපේ ගොඩක් උන් ආගම් ජාති බේදයක් නැතුව රටේ එක එකා කියන විදි‍යට උඩ ඉදන් පහලට බල්ටි ගහනවනෙ බන්...වෙනස පණ නැතිව බල්ටි බබා කරන වැඩේ අපේ උන් පණ ඇතුවම කරනව...ඉතින් මාර ආතල් සෙල්ලම් බඩුවක් කියල හිතුන හින්ද මාත් ගත්ත බන් රුපියල් 30කට සුදු පාටට හිටපු බල්ටි බබෙක්....

Saturday, October 20, 2012

බාප්පාට.....

සෙනඟ පිරී ගිය
හුදකලා නිවසේ
ඔබ සුව නින්දේ
ඇහැරවනු බෑ
ඔබ සදා නිදි වගේ


මුදු මොලොක් හිනාවයි

අවන්ක කථාවයි
මගේ හද පිරුණු ඒ අහින්සක රුවයි
මතක් කල හැම විටම
රිදුම් දෙන හද සොවින්
දෑස් මත ලියවුනා
සෙනෙහසේ මතකයන්
සදා කල් ඒ මතක මගේ හද රැ‍ඳේවි
ඔබ ඇවිත් නොයන මුත් මඟ බලා හිඳීවී





                   තාත්තගෙ  පවුලෙ අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කල කෙනා ගිය 11 වෙනිද සදහටම යන්න ගියා ආය නොයෙන්නම.මම දන්නෑ මට ලියන්න හිතුන ඒ ගැන.බොනී සෝමරත්න මම කථා කලේ බොනී බාප්ප කියල.ඒ වගේ ගති ගුණ තියන මනුස්සයෙක් මට තාම හම්බෙලානම් නෑ.ඒක කියන්නත් ඕන මම.ඒ අහිංසක කම,අවන්ක කම අද කාලෙ ගොඩක් මිනිස්සු ගාව නැති දේවල් ගොඩක් දේ එයා ලඟ තිබ්බ.මට ඒ මතකනම් අමතක කරන්න බැරිවෙයි කවදාකවත්ම.
                   අවුරුදු 59 ක් කියන්නෙ ජීවිතෙන් සමුගන්න ඕන වයසක්ද කියලනම් මම කියන්න දන්නෑ.ඒත් බාප්පගෙ වකුගඩු ඉඩ දුන්නෙ නෑ තව දුරටත් මේ කුරිරු සමාජෙ එක්ක ජීවිතේ ගෙනියන්න.වෙලාවකට හිතෙනව ඒක හරි පුදුම හිතෙන කතාවක් කියල.මොකද මම හිතුවෙ නෑ මේ දේවල් ඒ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියල.කෝම හරි ඒ දේ සිද්ද වුණා.කවදාවත් නැති විදි‍යට නෑදෑයො සේරමල එකට එක්කාසු වුණා.ඇඩූ කදුලින් ගොඩක් දෙන එහාට අව ගිය.
                   වෙන මේ ගැන කියන්නනම් දෙයක් නෑ මට.හිතෙන විදි‍යට හොද මිනිස්සුන්ගෙ ආයු කාල‍ය ඉතාම කෙටී.ඉපදිච්ච දවසෙ ඉදන් අවුරුදු,මාස,දවස්,පැය,විනාඩියෙ ඉදන් තත්පරේ දක්වාම අපි මරණය හොයන් යන මිනිස්සු.ඒත් ගොඩක් දෙනා ඒක දන්නවද කියන ප්‍රශ්නෙ තියනව.දැනගත්තත් ඒ දේ නොදන්නව වගේ ඉන්න පිරිස වැඩී.ඒ මොන දේ වුණත් සමීප කෙනෙක් නැති උනාම ඒ දේ මාර විදි‍යට දැනෙනව.ඉතින් ජාති ජාතිත් මේ වගේ අකල් මරණ වලට ගොදුරු නොවේවා කියල ප්‍රර්ථනා කරන ගමන් බාප්පෙ සුභ ගමන් ඔයාට.මම ඉල්ලන් නෑ අයෙමත් මේ තේරුමක් නැති සමාජෙට එන්න කියලනම්.ඒත් පුළුවන්නම් ඇවිත් හොද ගතිගුණ ටිකක් දීල යන්න මොකද මම ගොඩක් දේ ඉගෙන ගත්ත ඔයාගෙන් ඉතින් දැනට නවතින්නම් මේ මතකත් එක්ක.....

ප.ලි - මම මේ ලියල තියන විදිය අනේ මන්ද කිසි තේරුමක් නැති විදියට ලීවෙ කියල හිතෙනව.නිසදස ගොඩ නඟා ගන්නත් පුදුම විදියෙ වෙහෙසක් දරන්න සිද්ද වුණා.ඒ වෙලාවෙ තමා බිනරි මට උදවු කලේ.මම ලීව වාර්ථා නිසදසට වචන ගලපල දුන්නෙ ඒයා ඉතින් බිනරි ගොඩක් ස්තූතියි ඔයාටත්.... 




Saturday, October 6, 2012

පසු වදන....

අඳුරට බයෙන්
අහිමි හඳට පෙම්බැන්ද
නිරුවත්
ආදරය
අමාවක අදුරට බිලිවෙලා
හඳ එළියට පිච්චුන
අවන්කකම
නෙත් අධකරලා
උඹ ඇන්ද රූ අතර 
තනිවෙලා
සිහින වලින් නැගිටින්න
හිත පාරමී පුරනවා
.........



Sunday, September 23, 2012

තරු නිවිච්ච රෑ අහසට ......



















තරු නිවිච්ච රෑ අහසට
අමාවකේ සඳ පායා
හිඳුනු ආදරේ සොයන්න
හීන වලට ඔබ ආවා


දෙඩු වදන් ඈ අහගෙන ඉන්නට
නිවිච්ච තරු යලි එලිය උනා
ඒ දිස්නෙන් මගේ ඇස මත් වීලා
බලාපොරොත්තු නෑ ඇස් යට
දෙකොපුල් දිලිසෙනවා



අමාවකේ හඳ එළියට මට තටු ලැබුණා
නන්නත්තාරේ තනිකම
හීන අතර මා තනි කෙරුවා
සිතුවිලි අද නෑ
නුඹේ සිනා මගේ කොපුල් තෙමලා
සුසුම් වලට මගේ අරමුණු 
හඳ එලියට දිය වූවා




Friday, September 21, 2012

මසිත වසඟ කල අසුභ ලකුණ....


         ජීවිතේ හරි පුදුම විදියට ගෙවිල යනව.වෙනස් වෙනව.දවසින් දවස අපි හැමෝම වයසට යනව.ඒත් ඒ හැම දවසකම අපි ජීවත් වෙනව ගොඩක් අරමුණු බලාපොරොත්තු පොදි බැදගෙන.ඒ දේවල් ලගා කර ගන්න අපි මැරෙණකම්ම උත්සාහ කරනව.ඒම කියද්දි මට මතක් වෙනව මම මූණු පොතට දැම්ම පොඩි වැකියක කොටසක් .

                                "බලාපොරොත්තු....මැරෙන්න බැරි හින්ද ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත ජීවත් කරවනව.ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ ගෙනියන්න උදවු වෙනව."             

             ඒක තමා මම දන්න ඇත්ත.ඊට පස්සෙ මම මේ වගේ දේකුත් ලීව.  "මම හිතන්නෙ මම ඉන්නෙ ඔය දෙවර්ගෙ අතර මැද" ඇත්තටම මම හිතන විදි‍යට අපි බොහෝ දෙනා ජීවත් වෙන්නෙ ඒ විදි‍යට.ටිකක් ඒ ගැනත් හිතල බලන්නකො.

               මම ඔය ගැන කියන්නනම් නෙවෙයි ලියන්න හිතුවෙ.කාලෙකින් දෙයක් ලියන්න බැරු වුණා.අදත් මේ හදන්නෙ දෙයක් ලියනවට වඩා ඔයාලත් එක්ක දෙයක් බෙදා ගන්න.මේ කියන්න හදන්නෙ මම හදපු මියුසික් වීඩියෝ එකක් ගැනයි.කෙටි ච්ත්‍රපට වාර්ථා ච්ත්‍රපට කීප‍යක්ම කරල තිබ්බත් සින්දුවක් වෙනුවෙන් රූප රචනයක් කරන්න හම්බුන පලවෙනි වතාව කියලත් මම කියන්න ඕන.ඒත් කරල තියන කෙටි ච්ත්‍රපට ඇතුලෙ සින්දු වෙන්වෙන් රූප රචනා කරල තියනව.ඒකත් කියන්න එපැයි.කෝම හරි මේක මට සෙට් වුණ වෙනස් විදි‍යක වැඩක් හින්ද මම භාර ගත්ත වැඩේ.මේ දේ භාර ගන්න තව හේතු සාධකත් තිබ්බ ඒත් ඒ දේවල් මෙතනදි කියන්න ඕන නෑ කියල හිතනව.වෙනස් විදි‍යක පදමාලාවක් එක්ක හොද සංගීතයක් එක්ක හඬක් එකතු වෙලා තිබ්බ සින්දුවට.ඉතින් ගොඩක් අඩුපාඩු මැද අඩු මුදලකින් කල වැඩක් විදි‍යට වීඩියෝ එක අධ්‍යකෂණය කල කෙනා විදි‍යට මම මොන වගේ සාධාරණත්වයක් මේ වෙනුවෙන් කරල තියනවද කියන එක තීරණේ කරන්න ඔන ඔයාල.
            අද කාලෙ බොහෝ දෙනාගෙ මත‍යක් තමයි සින්දුවකට රූප රචනයක් තියෙන්න ඕනමයි කියන කථාව.ඒත් මම හිතන විදියට රූප රචනයක් තුලින් අපේ චින්තන‍යට බාදා කරල අපිව එක රාමුවකට කොටු කරනව.අපි අතීතෙ ගොඩක් සින්දු රස විදින්න ආසයි.තාමත් එක එක්කෙනාගෙ දැනීමේ හැටි‍යට රසවිදීමේ හැක්යාව මත අපි හිතින් ඒවට රූප රචනා හදනව.ඉතින් රූප රචන‍යක් ඒ දේවලට බාදා කලත් සමහර ඒව මතකයේ රැදිල තියනව.අපේ චින්තන රසඥතාව‍යට බාදා නොවෙන්න රූප රචකයා සින්දුවට සධාරණයක් කලානම් හරි සින්දුවට ගැලපෙනම රූපරචනය රූප රචකයා කරල තියෙනවනම් හරි ඒ දේවල් මතකයේ රැදීමේ හැකියාව වැඩී කියල මට හිතෙනව.ඒත්  චින්තන රසඥතාව‍යට බාදා නොවෙන්න කරන රූප රචනය මාර වැදගත් කියන එකයි මගේ මතය.මොකද එතනදි සින්දුවට හානියක් නොවී අපේ චිත්තරූප වලටත් බාධාවක් නොවී සින්දුව රසවිදින්න හැකියාව ඒ දෙයින් හම්බෙනව.කෝම වුණත් මොන දේ කීවත් අද තියන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එක්ක සින්දුවකට රූප රචනයක් තියන එක අත්‍යවශ්‍ය කාරණයක්.           

             ඉතින් මගේ අදහස් මම ඔයාලත් එක්ක කීව.මේ දේ ප්‍රසිද්දිය බලාගෙන කල වැඩක් නෙවෙයි ඒකත් කියන්න ඕනනෙ.හැමදාමත් මම හිතනව වගේ මේ දේට මම ආදුනිකයි.මම මේක ඔයාලත් එක්ක බෙදාගන්නෙ ඔයාලගෙ අදහස් දැන ගන්න.ඉතින් වැඩේට කැමතිනම් ඔයාලගෙ යාළුවො අතරත් මේක බෙදා ගන්න කියල පොඩි ඉල්ලීමකුත් කරන ගමන් ඔයාල දකින අඩුපාඩු මාත් එක්ක බෙදා ගනීවි කියල මම හිතනව.




 පා.ලි - මේ දේ කරන්න මට සහය වුණු සියලුම දෙනාට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නව.මට මේක කරන්න හම්බුනේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක් හින්ද ඉතින් ඉස්සරලාම මම නම නොකිය හදවතින්ම ඒයාට ස්තූති කරනව.ඊට පස්සෙ ඉස්සරලාම සමීරට ගොඩක් ස්තූතියි මචන්...ඉතින් ලහිරු,චාලි,ෂැගී,ලක්ෂාන්,නලින් අයියා දුන්න සහයෝගයට ස්තූතියි ගොඩක්.පසන්,ගයාන් අයියා,දුලන්ජලී,සාලිය මතක් කරන්න ඕන මධුන් වෙනුවෙන් ඔයාල දුන්න සහයොග‍යට මම ස්තූති වන්ත වෙනව.ඉතින් නම් කිය වුණේ නැත්නම් ඒ අයගෙන් සමාව ඉල්ලන ගමන් අවසාන වශයෙන් ඔක්කොලාටම කාල‍ය ශ්‍රම‍ය කැප කරල මම වෙනුවෙන් දක්වපු සහයෝගයට ස්තූතිවන්ත වෙනව.......