Sunday, April 10, 2016
Friday, April 8, 2016
තොල් පෙතිත් හැගුම්බරයි
එනමුත් දුරස්තයි
ඇය ඔබේ අත් බැදන්
මා ඔබේ නෙත් බලන්
වෙන් නොවෙන රේණුවල
දයිවය කෙලෙස ලියන්නද
අසරණයි ඔය දෙනෙත්
මා අසන්නම්
ඉතින් කියන්න
ඒ ඇයිද කියන්න
ඔය නෙත් කියනා රහස්
ඇත්තක්ද කියන්න
ඉර සැගවෙන්න කලින්
සුසුම් හෙලනා
අතරමන් ඈ
අතරමන් ඔබ
සිහින පරාගන චුම්බනය
බලාසිටිනා
පිටස්තර මා
වැලදගන්න නුඹ
ලගට එනවාද
සසල මන්ද ඔය ඩෙනෙත්
මා අසන්නම්
ඉතින් කියන්න
වචනයෙන් කියන්න
නොකියෙනා හැගුමන්
Tuesday, September 23, 2014
මට මතකයි...අද උඹේ උපන්දිනේ...
උඹේ උපන්දිනෙ කියන්නෙ
මට මතකයන් ගොඩක උල්පතක්
ඒ මතකයන් මාව හැමදාමත් ජීවත් කරවනව
හදවතට සමීප වුණ ලෙන්ගතුකම්
සදා නොමැන්කෙන මතකයන් වෙලා
මට වෙලාවකට හිතෙනව
මේ මතකයන් කෝච්චියක් වගේ,
උඹයි මමයි රේල්පීළි දෙකක් වගේ කියල
සමාන්තරයි ඒත් එකතු වෙන්නෙ නෑ
ඒත් පීළි නැතුව කෝච්චියෙ පැවැත්මක් නෑ
මම බලන් ඉන්නම්
උඹ හැමදාමත් සතුටින් ඉදපන්
උඹට සුභ උපන්දිනයක්...
Saturday, May 3, 2014
මාවතේ අපි තනි වුණා
මාවතේ මඟ නැවතිලා
අපේ අත් පැටළුණා
මතකයි මට එදා
මුළු ලොවක් හැඩ වුණා
හිරු සායමේ කැළතිලා
මගේ ඇස් සැගවුණා
ඇන්ද ඒ රූ රටා
සෙවනැල්ල සිත්තම් කලා
ඇසිපියන් ඇහැරිලා
සිත පුරා හිනැහුනා
මුමුනමින් පෙම් කතා
අපේ අත් පැටළුණා
මතකයි මට එදා
මුළු ලොවක් හැඩ වුණා
හිරු සායමේ කැළතිලා
මගේ ඇස් සැගවුණා
ඇන්ද ඒ රූ රටා
සෙවනැල්ල සිත්තම් කලා
ඇසිපියන් ඇහැරිලා
සිත පුරා හිනැහුනා
මුමුනමින් පෙම් කතා
නුඹ මාව සැනසුවා
හිරු අවරෙ සැගවිලා
මාවතේ අපි තනි වුණා
නුඹ ලගින් උන් නිසා
ජීවිතේ තව හැඩවුණා
Friday, March 14, 2014
ආදරය අද නිරුවත් වෙලා...
උන්මත්තක සෙනෙහස අභිමුවේ
නුඹ නොයෙනා බව දැන දැනත්
ආත්මය නොකියනා
හැගීම් මාත්රාවක් සොයා
ඕපපාතික හදවත
දැවි දැවී කදුළක් වෙලා...
වින්දනීය වූ
දැනෙන නොදැනෙන
බැදීම් තුරුලට අරන්
නුඹ නුඹ සොයා
මා මා සොයා
වෙහෙසීම දෝතට අරන්
විදවීම අතරමන් කලා...
සැනසීමක් සොයා
සමාව අයදිනා
සදාතන සිහිනයේ
ආදරය අද
නිරුවත් වෙලා...
ලක්ෂිත ප්රසාද් වීරසේන
ලක්ෂිත ප්රසාද් වීරසේන
Subscribe to:
Posts (Atom)




