Friday, August 24, 2018

මමයි පබ්ලෝ නෙරුඩා උඹයි සක්කිලි ගැහැණිය මම පෙම් බැන්ද.. -------------------


උඹ ලස්සනම ලස්සන  ගෑණියක්
නමක් ආගමක් නොදත්ත
ලස්සන ගෑණියක්
සක්කිලිකම් කලත්
උඹේ ලමැද තිබ්බා හැඩට
මා දැක්කෙ පළවෙනි වතාවට
පස්සෙ දැන ගත්තෙ උඹලට අදින්න අයිති නැති විත්තිය ලැම වැහෙන්න
ඒත් මට හැඩයි උඹව
අසූචි ඇද්දට
මම දැක්කෙ උඹව අසූචි ගොඩේම පිපුන මලක් වගේ
මට ඕනි වුණා
උඹේ ලස්සන ළමැදෙ හිස තියාගෙන උඹට පෙම් කරන්න
ඒ ප්‍රේමය කොච්චර මූසල වුණත්
මට හෙලිකරගන්න බැරි ආදරයක
මම හිර වුණා

©-ලකී-

Monday, August 20, 2018

හීන මැවූ ආදරේ...

අහස් වියන යට
ආදරේට හීන මැවුවා මම
උඹත් උන්නා කොනක
දුර ඈත බලාගෙන
නුඹ ආස වුනේ පුර සදට
මම ආස වුනේ අමාවකට
ලගට එන්න කීවත්
ආවෙ නෑ නුඹ...
බලෙන් ලගට ගත්තා මම නුඹව
පෙන්නන්න අමාවකේ ලස්සන
සදට පෙම් බැන්ද  නුඹට
අදුරු වුණා ඒ හැම හීනෙම
අමාවක අදුරේම
ගිහින් තිබුනා නුඹ
දුර ඈත...

ලකී...

Friday, July 27, 2018

ජීවිතේ හරි සිල්ලරයි

ජීවිතේ හරි සිල්ලරයි
ආත්මය හරි ගැබ්බයි
සිතා ගන්න බැරි
ගිම්හානය නැති
වසන්තයේ
සේයාව තව දුර ඈතයි..
සිනාවක්නම් ලග නැතී
ඒත් අප සිනා සෙනු ඇතී
තනිය විතරක් ලගට අරගෙන
හද සිනාසෙනු ඇතී
අපත් නොදන්නා

අපට අපි දුර ඈතයි
ආදරේ හදුනන් නැතී
ඒත් ආදරේ කර ඇති

Saturday, April 14, 2018

තනිවෙලා...


නොහදුනනා
අපේම සංවේදී
සෙනෙහස අයදිනා
දෑස් ලග
ආගන්තුක නුඹ
තනිවෙලා

ඉරණම ලියනුබැරි
වැහිබිදු අතරින්
මැකීයන
දේදුන්නේ පාට සොයා
ආගන්‍තුක අප
තනිවෙලා

අහිමි වුණත්
විමසන විට
කොහිද කියා
නිහඩවම
කතා කලා
හිමි හිමින්
ආගන්තුක සිත්
තනිවෙලා

අතැර යනවානම්
නොකියා නොයන්
නෙතේ කදුළු සගවා
මොහොතක් නතරව
ආගන්තුක මා
තනිවෙලා

Sunday, October 22, 2017

නුඹ එන්න මා එක්ක දැවෙන ආදරේ නිවා දමන්න...

වැහි ලිහිණි දගකරන
වැහි කෝඩු හැන්දෑවෙ
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න

දෙතොලගින් තුරුල් වෙලා
දැවෙන හැගුමන් අවධිකරන්
සදටත් රහසින්
සෙවණැලි උපද්දවා
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේන් කතා කියන්න

හිමි අහිමි කෙළවරක
අසම්මත සිනාවේ
රැදුන ඒ සිනාවෙන්
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ බෙදා ගන්න

නැවත හමු නොවන්නට
වෙන් නොවන් හදවතින්
මත් බ්වින් මිදෙන තුරු
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරෙන් පෙම් කරන්න
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න....

ලකී...

Tuesday, October 10, 2017

සද නොමැති
අමාවක රාත්‍රියක
අමාවක හද
පායන් ඇවිත්
සිත් අහස
සිත්තම් කරන්න

සීතලට පිපුණු
හිරිගඩු
මීදුම් සලුවෙන්
වසාගෙන
ලියූ හිස් කොළ
පිරෙන්න

එකතු කළ
අදුර තවරන්
දෑත් වලට
පාට කරන්න හිතයි
අදුරින්ම,
මතක හෙලුව
ලෝකෙටම පෙනෙන්න
ආයිමත්
නොමැකෙන්න.

ලකී...

Saturday, October 7, 2017

කණාමැදිරි එළියක්
අදුරේ පියාසරනා
කණාමැදිරි එළියක්
සුළගට මුසුවෙලා

රෝමාන්තික රාත්‍රියේ
මා අවටම කරකැවෙනා
සෙවනණැල්ලක්
සිහින සැණකෙලියෙන්
ණයට ගත් සිනාවෙන්
සිනාවෙන
සෙවණැල්ලක්

දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළියේ
සිහිනයක් සොයා
සුළගට මුසුවෙලා

නොදැනම
ආශාවන් පිරි
නිමේෂයක්
සොරකම් කරන්
ඇවිදින්
සිහින රාගයේ
රවටිලිකාර කතාන්තර
කියන්න
හයියක් වෙලා
දැවි දැවී පියාසලනා
කණාමැදිරි එළි
සත්‍යයේ
අතරමන්වෙලා

ලකී...