Sunday, October 14, 2018

හොද නරක කියන දේ ජීවිතේට කොච්චර පොදු කාරනයක්ද කියල දැනෙන්න අන්නෙ අපිට හොද දේට වඩා නරක අහන්න ලැබෙද්දි.ඒත් පෙලක් වෙලාවට ජීවිතේදි හොද නරක කියන එක තෝර ගන්න එක අමාරු වැඩක්.අපි සමහර වෙලාවලදි හොද දේට වඩා ආස කරන්නෙම නරක දේට.මිනිහෙක්ගෙ මූණට ඔයා නරකයි කියන දේ කියනව අඩුයි.ඒත් ගොඩක් වෙලාවට මිනිස්සු ඒක මූණට නොකිය වෙන කෙනෙක් එක්ක කියන්න බලනව අරය මෙන්න මේම කෙනෙක් කියල.ඒත් මූණට කියනව ඔයා හොද කෙනෙක් කියල.එතෙන්දි හොද නරක කියන එක මනින්නෙ මොන සාධකයක් මතද කියන එක තේරුම් ගන්න කාටත් අමාරුයි.අන්තිමට අපිට අපි කල හොදකින් ලැබෙන දේකුත් නෑ.ඒත් අපි කල එක නරක දේකදි ඒකට සදාකාලික වටිනකම් දෙන්න මිනිස්සු සූදානම්.ඒක මිනිස් ගතියක්.මිනිස්සු මාර කැමතියි තමන්ගෙ ජීවිතේ තියන කුණු අයින් කරනවට වඩා අනුන්හෙ ජීවිත වල කුණු අවුස්සන්න.විශේෂයෙන් ලංකාවෙ මිනිස්සු බහුතරයක් ඒකට උපාධි අරන් ඉන්නෙ.ඒ වගේ තැනකදි ලංකාවෙ මනුස්සකම ගෑණියෙක්ද මිනිහෙක්ද කියල බලන්නැතුව මඩ ගහල ඒ මනුස්සයගෙ චරිතෙ නැත්තටම නැති කරල දාන්න සූදානම්.
අවුරුදු ගානක් ආශ්‍රේ කලත් පොඩි මොහොතකදි අපි කල හැම දෙයක්ම අමතක කරල දාල අහක බලාගන්න මිනිස්සුන්ට එක පොඩි හේතුවක් ඇති.සමහර විට වැරැද්ද කරල තියෙන්නෙ තමුන්ගෙ පැත්තෙන් නොවෙන්න පුලුවන්.ඒත් මිනිස්සුන්ගෙ සිතුවිලි වලට ඒ කාරණා අදාල වෙන්නෑ.ඉතින් සමහර වෙලාවට උදවුවක් කරලත් අහගන්න වෙන්නෙ නරක.

නරක දේට වඩා හොද දේ පැවැත්මක් තියනව කියන එක බහුතර මතයක්.ඒ වගේම තමන් හොද දෙයක් කලොත් ඒක තමන්ට ලැබෙනව කියන දේත් ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක්.අපිට පුළුවන්නම් මනුස්සකම් කියන දේ මනින්න සාධකයක් හොයාගන්න.දැනගන්න තිබ්බ හොද නරක සාධක ඇතුලෙ තම තමන් ඉන්නෙ කොතනද කියන එක...

Friday, August 24, 2018

මමයි පබ්ලෝ නෙරුඩා උඹයි සක්කිලි ගැහැණිය මම පෙම් බැන්ද.. -------------------


උඹ ලස්සනම ලස්සන  ගෑණියක්
නමක් ආගමක් නොදත්ත
ලස්සන ගෑණියක්
සක්කිලිකම් කලත්
උඹේ ලමැද තිබ්බා හැඩට
මා දැක්කෙ පළවෙනි වතාවට
පස්සෙ දැන ගත්තෙ උඹලට අදින්න අයිති නැති විත්තිය ලැම වැහෙන්න
ඒත් මට හැඩයි උඹව
අසූචි ඇද්දට
මම දැක්කෙ උඹව අසූචි ගොඩේම පිපුන මලක් වගේ
මට ඕනි වුණා
උඹේ ලස්සන ළමැදෙ හිස තියාගෙන උඹට පෙම් කරන්න
ඒ ප්‍රේමය කොච්චර මූසල වුණත්
මට හෙලිකරගන්න බැරි ආදරයක
මම හිර වුණා

©-ලකී-

Monday, August 20, 2018

හීන මැවූ ආදරේ...

අහස් වියන යට
ආදරේට හීන මැවුවා මම
උඹත් උන්නා කොනක
දුර ඈත බලාගෙන
නුඹ ආස වුනේ පුර සදට
මම ආස වුනේ අමාවකට
ලගට එන්න කීවත්
ආවෙ නෑ නුඹ...
බලෙන් ලගට ගත්තා මම නුඹව
පෙන්නන්න අමාවකේ ලස්සන
සදට පෙම් බැන්ද  නුඹට
අදුරු වුණා ඒ හැම හීනෙම
අමාවක අදුරේම
ගිහින් තිබුනා නුඹ
දුර ඈත...

ලකී...

Friday, July 27, 2018

ජීවිතේ හරි සිල්ලරයි

ජීවිතේ හරි සිල්ලරයි
ආත්මය හරි ගැබ්බයි
සිතා ගන්න බැරි
ගිම්හානය නැති
වසන්තයේ
සේයාව තව දුර ඈතයි..
සිනාවක්නම් ලග නැතී
ඒත් අප සිනා සෙනු ඇතී
තනිය විතරක් ලගට අරගෙන
හද සිනාසෙනු ඇතී
අපත් නොදන්නා

අපට අපි දුර ඈතයි
ආදරේ හදුනන් නැතී
ඒත් ආදරේ කර ඇති

Saturday, April 14, 2018

තනිවෙලා...


නොහදුනනා
අපේම සංවේදී
සෙනෙහස අයදිනා
දෑස් ලග
ආගන්තුක නුඹ
තනිවෙලා

ඉරණම ලියනුබැරි
වැහිබිදු අතරින්
මැකීයන
දේදුන්නේ පාට සොයා
ආගන්‍තුක අප
තනිවෙලා

අහිමි වුණත්
විමසන විට
කොහිද කියා
නිහඩවම
කතා කලා
හිමි හිමින්
ආගන්තුක සිත්
තනිවෙලා

අතැර යනවානම්
නොකියා නොයන්
නෙතේ කදුළු සගවා
මොහොතක් නතරව
ආගන්තුක මා
තනිවෙලා

Sunday, October 22, 2017

නුඹ එන්න මා එක්ක දැවෙන ආදරේ නිවා දමන්න...

වැහි ලිහිණි දගකරන
වැහි කෝඩු හැන්දෑවෙ
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න

දෙතොලගින් තුරුල් වෙලා
දැවෙන හැගුමන් අවධිකරන්
සදටත් රහසින්
සෙවණැලි උපද්දවා
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේන් කතා කියන්න

හිමි අහිමි කෙළවරක
අසම්මත සිනාවේ
රැදුන ඒ සිනාවෙන්
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ බෙදා ගන්න

නැවත හමු නොවන්නට
වෙන් නොවන් හදවතින්
මත් බ්වින් මිදෙන තුරු
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරෙන් පෙම් කරන්න
නුඹ එන්න මා එක්ක
දැවෙන ආදරේ නිවා දමන්න....

ලකී...

Tuesday, October 10, 2017

සද නොමැති
අමාවක රාත්‍රියක
අමාවක හද
පායන් ඇවිත්
සිත් අහස
සිත්තම් කරන්න

සීතලට පිපුණු
හිරිගඩු
මීදුම් සලුවෙන්
වසාගෙන
ලියූ හිස් කොළ
පිරෙන්න

එකතු කළ
අදුර තවරන්
දෑත් වලට
පාට කරන්න හිතයි
අදුරින්ම,
මතක හෙලුව
ලෝකෙටම පෙනෙන්න
ආයිමත්
නොමැකෙන්න.

ලකී...