Tuesday, November 10, 2020

Sunday, November 8, 2020

වැහි බින්දු...

දන්නවද
වෙනදාටත් වඩා
වැටෙන වැහි බින්දුවල
හඩට
සීතල 
දැනෙනව...
අකුණු සැර
කණ් ඇතුලෙ
තාමත්
දෝංකාය
දැනෙනව...
ඒත්...
උණුසුම
තව තවත්
මට
ඈත බව
හැගෙනව...

Saturday, November 7, 2020

අම්බලමක් ...

තාවකාලික නවාතැනක්
සදාතනික උනේ කවද්ද
ඇවිත් නැවතියන්
අවැසි කාලයක්
තාමත් දෙන්න
සැනසීම
මගෙ හිතේ
තියනව ...

Friday, November 6, 2020

නුඹ ගිහින්...



පෙරනිමිති නැති රෑක
සිත ගාව තනිවෙච්ච
මං තාම එතනමයි
නුඹ ලගින් නැවතිච්ච
සේරුන් උව හඩන
විරම දෙන හඩට
මං තාම සංවේදී
නුඹ අහක බැළුවාට
අවැසිනම් කියාපං
මං එන්නම් ආය...

Monday, September 14, 2020

අහස්මාලිග වලත් තිබුණා
ආදරේ සැලසුම්
නොදුටු හදවත පසිදලූවා
ලෝකයට ගැරහුම්

ගවු ගණන් දුර
මග ගෙවා ආ
අනන්තෙක සිතුවම්
හදේ කොතනක
තනි කරන්නද
වේදනා කදුලැල්

ගෙතූ ප්‍රේමයෙ
සේද කොයිවෙද
ගොළුවෙලා හදවත්
කෙසේ මකන්නද
අළු යටත් ඇති
ආදරේ සටහන්

| Lakshitha Prasad Weerasena

Sunday, March 10, 2019

හීනයක්

එපා එළිවෙන්න,
හීන....හීන...
තනිකමක් නැති
අන්ධකාරෙට  හුරුවෙලා..
එළිය දරනු බැරිවේවි
අදුර නැති තැන....

ඒක,සංසාරික හීනයක්

තරු කැට වලට මූවා වෙලා
හද දකිනා...
වළාකුළු වසා දමා
නොපෙනුනත් සද
හොයා යන්නට
විශ්වයම....

ඒක ඕපපාතික
හීනයක්...

මරණය එළබෙන තුරා
සුසුම් හෙලනා
නොදක්නා
අනන්ත ක්ෂීරපතයේ...

ජීවිතේ....
අපරාජිත හීනයක්

Wednesday, December 26, 2018

මනුස්සකම...

සිතක් තිබුණොත් අද කොතන හරි
මනුස්සකම නම් බොහෝ දුර ඇති
අනන්තය අග බලා ඉන්නට
මතක විතරක් ඉතිරි වී ඇති

පිටට පෙනුමයි
ඇතුල හරි හිස්
හිතේ තෙතනම් කොහෝමත් නැති
සිහිය තිබුණත් විකල් වී ඇති
කළුද දන්නැති
සුදුද දන්නැති
හෙටක් නැති මේ ජීවිතේ

සිනාවක සේයා නැතී
කදුල විතරක් ඉතිරිවී
හීන ගොන්නක් පුරෝගෙන
සසර තවමත් දුර වැඩී...