Friday, August 24, 2018

මමයි පබ්ලෝ නෙරුඩා උඹයි සක්කිලි ගැහැණිය මම පෙම් බැන්ද.. -------------------


උඹ ලස්සනම ලස්සන  ගෑණියක්
නමක් ආගමක් නොදත්ත
ලස්සන ගෑණියක්
සක්කිලිකම් කලත්
උඹේ ලමැද තිබ්බා හැඩට
මා දැක්කෙ පළවෙනි වතාවට
පස්සෙ දැන ගත්තෙ උඹලට අදින්න අයිති නැති විත්තිය ලැම වැහෙන්න
ඒත් මට හැඩයි උඹව
අසූචි ඇද්දට
මම දැක්කෙ උඹව අසූචි ගොඩේම පිපුන මලක් වගේ
මට ඕනි වුණා
උඹේ ලස්සන ළමැදෙ හිස තියාගෙන උඹට පෙම් කරන්න
ඒ ප්‍රේමය කොච්චර මූසල වුණත්
මට හෙලිකරගන්න බැරි ආදරයක
මම හිර වුණා

©-ලකී-

Monday, August 20, 2018

හීන මැවූ ආදරේ...

අහස් වියන යට
ආදරේට හීන මැවුවා මම
උඹත් උන්නා කොනක
දුර ඈත බලාගෙන
නුඹ ආස වුනේ පුර සදට
මම ආස වුනේ අමාවකට
ලගට එන්න කීවත්
ආවෙ නෑ නුඹ...
බලෙන් ලගට ගත්තා මම නුඹව
පෙන්නන්න අමාවකේ ලස්සන
සදට පෙම් බැන්ද  නුඹට
අදුරු වුණා ඒ හැම හීනෙම
අමාවක අදුරේම
ගිහින් තිබුනා නුඹ
දුර ඈත...

ලකී...