Friday, June 8, 2012

මෙගා ටෙලිනාටක සහ අපේ උපාසකයෝ...

                      
                       මම මෙහෙම මේ කතාව කියන්න පටන් ගන්නම්.1923 දී එඩ්වඩ් හාපර් (Edward Harper )  විසින් තමයි Radio Ceylon නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලිය අරම්භ කරලා තියෙන්නේ.ඒ වෙද්දී යුරෝපාකරෙත් ගුවන් විදුලිය විකාශ කරන්න අරන් යන්තම් අවුරුද්දක් දෙකක් විතර ඇතිලු.ඉතින් Radio Ceylon ආයතනය ආසියාවේ ප්‍රථම සහ පැරණිම සේවය කියල හදුන්වනවා.ඒ වගේම තමයි 1972 දී TV Sri Lanka නමින් පෞද්ගලික නාලිකාවක් වශයෙන් රුපවාහිනී විකාශනය අරම්භ කරනවා.අපේ රටේ වර්ණ රුපවාහිනී විකාශනය  අරම්භ වෙද්දී ඉන්දියවෙවත් ඒ ක්‍රමය තිබිල නෑ.1982 වසරේ ජපන් රජයේ පරිත්‍යාගයක් විදියට රූපවාහිනී සංස්ථාව  අරම්භ වෙනවා.1992 දී MTV ආයතනය ප්‍රථම පෞද්ගලික නාලිකාව විදියට ස්ථාපිත වෙනවා.මේ වෙනකොට පොළවේ සිට විකාශනය කරන රාජ්‍ය සහ  පෞද්ගලික  නාලිකා ප්‍රමාණය 17 කට වැඩී.මේවා නොමිලේ නරඹන්න හම්බෙනවා වගේම මේවගේ සිංහල දෙමල ඉන්ග්‍රීසි යන භාෂා තුනෙන්ම විකාශන කටයුතු සිද්ධ වෙනවා.මේක කුඩා දුපතක් වන අපේ රට ලබා ගත්ත ජයක්ග්‍රහණයක් වෙනවලු අනිත් විශාලත්වයෙන් වැඩි රටවලත් පොළවේ ඉදන් විකශනය වන නාලිකා ප්‍රමාණය මීට වඩා අඩු නිසා.1979 ඉදන් ලංකාවේ වර්ණ රුපවාහිනී විකාශනය ක්‍රියාත්මක වුණත් බොහෝ අය පාවිච්චි කරලා තියෙන්නේ කළු සුදු රුපවාහිනී යන්ත්‍ර.වර්ණ රුපවාහිනී මිල අධික වීමත් විදුලිය නැති තැන් වලට කාර් බැටරි වලින් හරි රුපවාහිනී බලන්න පුළුවන් වීමත් ඒ දවස් වල මේකට හේතු වෙලා තියනවා.එත් අද වෙද්දී කළු සුදු රුපවාහිනී යන්ත්‍ර හොයා ගන්නත් බැරි තරම්.ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් ත්‍රිමාණ ශබ්ද(stereo sound system) සදහා යොමු වෙනකොට ලංකාව ආසියාවේ මුල් වරට සංඛ්‍යංක(digital)ශබ්ද ක්‍රමයක් වෙන NI CAM(Near Instantaneous Compounded Audio Multiplexing) ක්‍රයමයට යොමු වෙනවා.ස්ටීරියෝ ක්‍රමයට ශබ්ද යවන්න හැකිවීමත් එකවර භාෂා දෙකක් යවන්න පුළුවන් වීමත්  භාෂා ‍දෙකකින් ප්‍රේක්ෂකයාට එකම වැඩසටහන නරඹන්න පුළුවන් වීමත් මේකේ තියන විශේෂත්වයක් වනවා.ඒ වගේම මේ මගින්  භාෂා වක් සමග data chennel එකක් හෝ දෙකක් හෝ යැවීමෙන් අමතර තොරතුරු දැන ගන්නත් හැකියාව ලැබෙනවා. 
                දැන් ඇති වගේ ඒ කතාව කීව.තව තව ඕක කියවන්න ගියොත් කිසි තේරුමක් නැති වෙනව.ඕක මම හොයා ගත්තෙ ස්ටැන්ලි තිලකරත්න ගුරු පියාණන්ගේ ලිපියකින්.ඒ කවුද කියල මම හිතන විදියට අමුතුවෙන් කියන්න ඕන නෑ කියල මම හිතනවා.මම කියන්න හදන කතාව ඕක නෙවෙයි.මට හිතුන අපේ රටේ අතීතෙ ගැන පොඩි අදහසක් දෙන්න මට හිතෙන ගොම් පාර්ට් කතාව කියන්න කලින්.මම ඒ කීව කථාටික මේ එකකටවත් අදාල නැති වෙන්නත් පුලුවන්.සමහර විට ඒ කීව කතන්දර ටික ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්.මම ඔය කීව අතීතෙ වගේම දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් අපේ රටේ තියනව.අද කෝ ඒ "stereo" තාක්ෂණේ.අද කෝ ඒ "NI CAM".ඕව කියනවට වඩා හොදයි ඔලුව ගලක ගහ ගන්නවනම්.තාම මම දන්න විදියට   "stereo" තාක්ෂණය පවිච්ච් කරන්නෙ චැනල් කීපයයි.අපේ රට තාම "analog" තාක්ෂණෙන් දුවන්නෙ.සමහර චැනල් "digital" උණාට වැඩක් නෑ "system" එක "analog"උණාම.අතීතෙ තිබ්බ තාක්ෂණෙන් වැඩක් වෙනවද දැන්.එත් ඒවයෙන් වත් වැඩක් ගන්නවද?අද ලෝකෙ  "digital"  වලටත් වඩා එහා ගිහින් එච්චරයි මම දන්නෙනම්.
                  අද අපේ හුගක් දෙනා දන්නේ බොළද මෙගා ටෙලි නාට්‍යයක ‍ප්‍රෙමවන්තියගේ හරි ප්‍රෙමවන්තයගේ හරි චරිතේ රගපාන්න විතරයි.ඒ පිටු අතරේ ගොඩක් අයගේ ඔලු හිර වෙලා.එත් අපි ගොඩක් දෙනා දන්නැති හිතන්නේ නැති කාරනේ තමයි වැඩි පිරිසක් මේ මෙගා ටෙලි නාට්‍ය බලන්න හේතුව මොකක්ද කියන කතාව.ඒක මටත් තාම ප්‍රශ්නයක්.සිරස නාලිකාව ශාන්තී වගෙ ඉන්දියන් මෙගා ටෙලි නාට්‍යක් අපෙ රටට ගෙනල්ල හඩ කවල පෙන්නන්න ගත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ මම අහන්නැ ඒක මේ මොළ වලින් අහල වැඩක් නෑ.කෝම වුණත් මෙගා ටෙලියක කොටස් ගාන සීමා කල එක ගැනනම් මම සතුටු වෙනව අවන්කවම.
              අද නළු නිළියො මම මේ කියන්න යන කොටසට අයිති වෙන්නෙ සීයට ගානක්.ඒ මම කියන පිරිස හරියට පුම්ඹල උඩ යවන්න තියන් ඉන්න බැලුන් වගේ.පාට පාට ලස්සන බැලුන් තියනව ලොකුවට පිම්බිල එත් ඒව කිසිම දේකට ඔරොත්තු දෙන්නෑ.යන්තම් අවුවක් ආවත් පිපිරිල යනව.ඉතින් ඒ පිපිරෙන්න යන බැලුන් තමා මේ ගොඩක් මෙගා ටෙලි නාටක වල රගපාන්නෙ.ඒ ඉන්න සමහරු අතරෙ රූගත කරන දිනේ තීරනේ කරන බැලුන් තියනව.ඒ තරමට එයාල කාර්ය බහුලයි.ඒ අතරෙ මට  "makeup"  එක මේ විදියට දාන්න ඕන කියන බැලුනුත් ඉන්නව.රූගත කරන ඇදුමත් සමහරුන්ට ඕන විදියට තමා තීරනේ වෙන්නෙ.ඉතින් ගොඩක් අධ්‍යක්ෂක වරු අසරණ වෙන වෙලාවල් එමටයි.මොකද මේ කියන පාට පාට පිම්ඹ්ච්ච බැලුන් වලට අපේ රටේ මම කලින් කීව හුගක් දෙනා පට්ට ලව්.ඉතින් මොන ජාති දැම්මත් ඉල්ලන්නෙ ඒකනම් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු අසරණයි.ඒත් ඒකට අයිති වෙන්නෙත් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු කොටසයි.ඉතින් කොච්චර කීවත් ඔච්චර තමා.මේ දේවල් කොයින් ඉවර වෙයිද ඒක තියෙන්නෙ අපේ අතේම තමා .මගෙ යාළුවෙක් ඉන්නව එයාට කෝල් එකක් ගත්තම අන්තිමේදි එයා කියන දෙයක් තියනව මම ඒ කථාව කියල මම මේ කීව ගොම් පාට් කථාව නතර කරන්නම්.ඒක කියන්න කලින් කියන්න ඕන ආගම් බේදයක් නෑ මේ කීව එකකටවත්.ඔන්න ඒමනම් "මට බුදු සරණයි"


Sunday, June 3, 2012

ආදරේ මාවත සොයන්න එන්න....

















තනියට කථා කරන්න
එපා වුණ හදවත් විවර කරන්න
නන්නත්තාර තනිකමට ගොළු වෙල ඉන්න කියන්න
ආදරේ මාවත සොයන්න එන්න

ප්‍රෙමයේ එක්ටැම්ගේ බිදින්න
ආදරේ හඬ අදුනා ගන්න
රාමුවුණ ජීවිතේට යන්න කියල කියන්න
ආදරේ මාවත සොයන්න එන්න

බලාපොරොත්තු පුරවාලන්න
බැදීම් වලට ඉඩ දෙන්න
අරමුණු නැති ජීවිතේට අරමුණක් කියා දෙන්න
ආදරේ මාවත සොයන්න එන්න