Monday, November 12, 2018

අපි කොයිතරන්නම් අරමුණු බලාපොරොත්තු පස්සෙ දුවනවද.ඒත් අපිට අමතක වෙනව අපි මේ දුවන්නෙ අස්ථිර සමාජයක,රටක කියල.අපිට ඒක මතක් උනත් ඒක මතක තියෙන්නෙම බෝම පොඩි වෙලාවයි.කොහෙන්ම හරි ලැබෙන ආගන්තුක ආතල් එකකට අපි සැනසීමක් ගන්න බලනව.ඒ වෙලාවට ඒකෙ ආතල් එක උපරිමෙන්ම ගන්නත් අපේ අය අමතක කරන්නෑ.හැබැයි පස්සෙ ඒක නැතිවෙල ගියාම ඒකටම බැන බැන වෙන ආතල් එකක් හොයන්න ට්‍රයි කරනව.කෝමත් අන්තිමට අපිට උනේ ආගන්තුක කෙටිකාලීන ආතල් අරගන්න ගිහින්ම ආතල් කුඩුවෙච්ච එක විතරයි.ඒත් අපි අතරීද...නෑ නේ...ඒක නිසා මේ පාරත් ඒ ආතල් එක ගන්න ඉන්න මොනම හරි ඔටුවෙක්ට චන්දෙ දීල ඒ ත්‍රිල් එක ගන්ම සෙට් වෙන්නම වෙනව.මොකද අපිට බෑ ලාංකික කියන නම කැත කරගන්න...

Friday, November 2, 2018

අවකාශයේ
හුස්ම මාත්‍රාවකින්
උණුහුම මුදාහැරලා
අනියතයි ජීවිතේ
නිශ්චිත නොවනා
ආත්මෙක සිරවෙලා
අමාවකේ අවසන් හෝරාවේ
තරු වලට මුවාවෙලා
සෙවණැල්ල වසන් කරන්
හිරු උදෑසන පහන් වෙලා
ඇවිද යමු
අනන්තය නොපෙනෙනා මාවතේ
මේ සසර දිගු නිසා