දූපත් මානසිකත්වයට ඉඩක්.....
නන්නත්ථාර දූපත් ජීවිතේක තනිවුණ රස්තියාදුකාර සිතුවිලි....
Tuesday, November 10, 2020
රැඩිකල් ගැහැණියකගේ ආදරය
පිටින් රැඩිකල් ගෑණු ,
ආදරේ ළග මාර ටිපිකල්...
Sunday, November 8, 2020
වැහි බින්දු...
දන්නවද
වෙනදාටත් වඩා
වැටෙන වැහි බින්දුවල
හඩට
සීතල
දැනෙනව...
අකුණු සැර
කණ් ඇතුලෙ
තාමත්
දෝංකාය
දැනෙනව...
ඒත්...
උණුසුම
තව තවත්
මට
ඈත බව
හැගෙනව...
Saturday, November 7, 2020
අම්බලමක් ...
තාවකාලික නවාතැනක්
සදාතනික උනේ කවද්ද
ඇවිත් නැවතියන්
අවැසි කාලයක්
තාමත් දෙන්න
සැනසීම
මගෙ හිතේ
තියනව ...
Friday, November 6, 2020
නුඹ ගිහින්...
පෙරනිමිති නැති රෑක
සිත ගාව තනිවෙච්ච
මං තාම එතනමයි
නුඹ ලගින් නැවතිච්ච
සේරුන් උව හඩන
විරම දෙන හඩට
මං තාම සංවේදී
නුඹ අහක බැළුවාට
අවැසිනම් කියාපං
මං එන්නම් ආය...
Monday, September 14, 2020
අහස්මාලිග වලත් තිබුණා
ආදරේ සැලසුම්
නොදුටු හදවත පසිදලූවා
ලෝකයට ගැරහුම්
ගවු ගණන් දුර
මග ගෙවා ආ
අනන්තෙක සිතුවම්
හදේ කොතනක
තනි කරන්නද
වේදනා කදුලැල්
ගෙතූ ප්‍රේමයෙ
සේද කොයිවෙද
ගොළුවෙලා හදවත්
කෙසේ මකන්නද
අළු යටත් ඇති
ආදරේ සටහන්
| Lakshitha Prasad Weerasena
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)