පොතක සටහන් තැබීමට තරම් සිතක් මට නැත.නමුත් Blogger සටහනක් ඇරඹීමට මට ඇතිවූ අදහස පුදුම සහගතය.නමුත් ඒ ඇයිදැයි මා නොදනිමි.පළමුව සදහන් කළ යුත්තේ ඉහත මාතෘකාවේ පරිදිම මම ලිවීමට දක්ෂයකු නොවන බවයි.නමුත් මා සිංහල භාෂාවට ආදරය කරමි.ඊට විශේෂ හේතුවක් නැතත් එය භාවිතයට මා සතු කැමැත්ත මෙන්ම මගේ ඉන්ග්‍රීසි දැනුමෙහි අඩු ලුහුඩු කම්ද ඊට හේතු වන්නට පිළිවන.කෙසේ වෙතත් මම ගැන නිර්වචනය කිරීමට වඩා ඉදිරි නිර්මාණ ඇසුරින් මා හදුනා ගැනීමට ඔබට හැකිවෙතැයි සිතමි.
මිනිසාගේ රසඤතාව රදාපවතින්නේ ඔවුනොවුන්ගේ දැනීමේ හෙවත් සංවේදීතාවයේ ප්‍රමාණය මතය යන හැගීම මා තුළ වේ.එයද රටක හෝ සමාජයක සංස්කෘතික සාමාජීය කාරණා අනුව වෙනස් වේ.උදාහරණයක් ලෙස දෙමළ හෝ හින්දි චිත්‍රපටයකට ඇති කැමැත්ත තවෙකෙකුට නැත.ඉතින් මා දරන පරිශ්‍රමයද එක් එක් පුද්ගලයාට ඔවුනට අවේනික රසඤතාව මත රදා පවතිනු ඇත.
බොහෝ පිටරට පිරිස්, මෙරටින් පිටරට ගිය පිරිස් එමෙන්ම සමහර ලාංකික පිරිස් අප හදුන්වන්නේ දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නන් ලෙසයි.ඊට හේතුසාධක සොයන්නට මා පෙළබෙන්නේ නැත.එහි ඇත්ත නැත්ත සෙවීමට වඩා එම දූපත් මානසිකත්වයේ කොටස් කරුවකු වන මාගේ අදහස් ඔබ සමග බෙදාගන්නට මෙසේ අවසර පතමින් දැනට මම නවතිමි.
නියමයි.
ReplyDeleteThanks machan blogger eke palaweni comment eka.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියම වැඩක්,හොද අදහස් ටිකක්,මොකද මට මේ අදහස් ටික දුටු විට හිතනවා අද ලoකාවෙ මිනිසාට අවශ්‍ය දෙවල් ගොඩක් මෙම Blogය තුලින් අපට ඉදිරියෙදි දැක ගත හැකි බව.
ReplyDeleteඔබට ජය!!!
දෙවෙනි කමෙන්ටුවට තුති..දිගටම මේ එක්ක රැදිල ඉදන් ඔයාට දැනෙන දේවල් ඒ විදියටම මාත් එක්ක බෙදා ගන්න එකතු වෙන්න.....
ReplyDeleteThis comment has been removed by the author.
Deletegood luck..digatama liyanna,oyata dawasaka aniwaryenma liweeme dhakshayek wenna puluwan
ReplyDeleteube nirmana samaja sanwedhii wenna ona, ube wachana wala loku hayyak thiyanawa.
ReplyDeleteela wadak malli...tawa liyanna..mama kohoma hari kiyawannam..budu saranai!
ReplyDelete