Friday, November 2, 2018

අවකාශයේ
හුස්ම මාත්‍රාවකින්
උණුහුම මුදාහැරලා
අනියතයි ජීවිතේ
නිශ්චිත නොවනා
ආත්මෙක සිරවෙලා
අමාවකේ අවසන් හෝරාවේ
තරු වලට මුවාවෙලා
සෙවණැල්ල වසන් කරන්
හිරු උදෑසන පහන් වෙලා
ඇවිද යමු
අනන්තය නොපෙනෙනා මාවතේ
මේ සසර දිගු නිසා

No comments:

Post a Comment