Friday, March 2, 2012

රූපවාහිනී එකේ ආයෙත් රොබින් හුඩ් පෙන්නනව.....


               මම සමාන්‍යන් ට්වී බලන කෙනෙක් නෙවේ. මට එක අතකට  ඒක එපා වෙලා අනිත් අතට කීවොත් අප්පිරිය වෙලා.කෝමහරි මට අයෙත් රෝබින්හූඩ් තේමා ගීය ඇහෙන්න ගත්ත ලගදි ඉදන්.ඒක ඇහෙනකොට මට පොඩි කලේ මතක් වෙනවා අයෙමත්.එත් එක්කම ලොකු දුකකුත් ආව.ඒ හින්දමයි මේක මම දාන්නා ඕන කියල හිතුවෙත්.ටයි මාම අපෙන් ගිහින් දැන් මාස ගානක්.එත් එයා තාම අපි ලග ඉන්නවා ඒ වුනත් අපි තාමත් එයා වෙනුවෙන් දෙයක් කරලා නෑ නේද කියන දුක මට තියනවා.කොච්චර ඒ නිර්මාණ වලට ආදරේ කලත් තාමත් අපිට ඒ නිර්මාණ වලින් මිදිලා අලුත් නිර්මාණයක් කරන්න බැරිවෙලා.අඩුගානේ හරි හමන් විදියට පරිවර්තනයක්.ඇත්තටම එම දේවල් නැතුවද නැත්නම් නවකයන්ට තැනක් නැතුවද.මම දන්නෑ මේවට වග කියන්න ඕන කවුද කියල.එත් ඒවාට අපිත් කොටස් කාරයෝ.ඉතින් මට ආයමත් ටයි මාම අපෙන් ගිය දවසේ මම මූණු පොතට දැම්ම පොඩි දෙයක් මතක් වුණා.ඔයාලත් එක්ක අයෙත් ඒක share කර ගන්න ඕන කියල හිතුවෙ ඒකයි.ඉතින් මම ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්.මමනම් මගේ ගොම්පාට් එක ඇතුලේ මට පුළුවන් දෙයක් කරන්න උපරිම ට්‍රයි එක දෙනවා.ඔයාල මොකද ඒ ගැන කියන්නේ?  

5 comments:

  1. ආදරණිය ටයි මාමේ...ඔබට අපි සදා ණයගැතියි...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලක්ෂිතගේ කතාව ඇත්තම ඇත්ත.ඒ කාටූන් බලපු අපි ගොඩක් වසනාවන්තයි.මොකද ඒවා මේ අද කාලේ යන ඒවා වගේ කුණුහරුප විදියට සිංහලට හඬ කවල,බොරු ආතල් එකක් දීල,බලන අයව නිකන් හිනස්සන කාටූන් වගේ නෙවෙයි.හැම කතාවකම අපේ ජීවිත වලට ආදර්ශයක් එන විදියට තමා ඒවා හඬ කවල තියෙන්නේ..
    මම මෙහෙම කීවට සමහරු තරහ වෙයි.අපි කව්රුත් බලන සූර පප්පා ගන්නකො.එක අපිව හිනා ගස්සනවා විතරයි.සමහර වෙලාවට Double meaning තියෙන කුණුහරුප කියනවා.ඒවගෙන් තමා හිනා ගස්සවන්නේ.එත් ටයි මාමගේ ඒවා එහෙම නැ.ඇත්ත joke වලින් අපිව හිනා ගස්සනවා..ඒ වගේම බාල තරුණ මහලු හැමෝටම ආදර්ශයක් දෙනවා..ඒ කාටූන් හොඳට සංරක්‍ෂණය කරලා අනාගත පරපුරවලටත් අනිවාර්යෙන් පෙන්වන්න ඕනි..
    ඒ වගේම ලක්ෂිත උඹ (එහෙම කතා කරන්නේ යාලු කමට) මේ කරන වැඩේ හොඳම හොඳයි..මේවගේ දේවල් කතා බහට ලක් වෙන්න ඕනි..BLOG එකට ජය වේවා...

    ReplyDelete
  4. විශිෂ්ටයකුට විශිෂ්ට උපහාරයක්..

    ReplyDelete
  5. ක්‍රිකට් ගහමුද?
    විස්තර www.helayekgen.info

    ReplyDelete