Friday, April 27, 2012

නාදුනන ප්‍රේමය....



















අහස් වියන යට ඉදන්
වසන්තයට මා අත වැනුවා
අදුරු ගිම්හානෙට සමු දීලා
ඔය දිලිසෙන නෙතුලඟ මා යලි තනි වූවා
අතීතයේ සිතුවිලි ගිලිහීලා
සිහින වලට ඔබ ඇවිදින්
අලුතින් රූ ඇන්දා
පලු නිවහනේ දොරගුළු ඇරලා
ඉගිලෙන්නට මාවත මා සෙවුවා
ප්‍රර්ථනා මල් කැකුළු ආයෙත් පිබිදීලා
විකසිත වන්නට අවසර පැතුවා





1 comment:

  1. වසන්තය වී අවුදින්
    මගෙ සිහිනය හැඩ කලාට
    පිබිදුනු අඑයම
    පියවි ලොව තිබුනේ
    ගිම්හානයම පමණයි.....

    ReplyDelete