Friday, April 27, 2012

අහසේ තරු කැටයක් වෙන්නට ඇත්නම්....



















අහසේ තරු කැටයක් වෙන්නට ඇත්නම්
ඔබ මා තනිකර ගිය දා
සඳු ලඟට වෙලා
ඉකිබින්දා.....

දොඩමළු වදන් අහසට පා වුවා
සිතුවිලි තරු අතරින් තෙරපීලා
සිහින නොදුටු සිහිනෙක රූ ඇන්දා
ප්‍රර්ථනා අහසට විසි කෙරුවා

සඳ එලියේ ඔබෙ සුසුමන් බොඳවීලා
තරුවල කඳුළු පවා මට දැනුණා
බැදීම් නැති බැදීම් ලඟ මා තනිවීලා
ඔබේ මතක සුව වින්දා

1 comment:

  1. සද තරු ගනදුරු අහස
    මේ හැම දෙයක්ම අයිති රාත්‍රියේ
    නිහඩ නිසසල බ‍ව බිද
    ඇසෙනුයේ මේ හිතේ
    ඉකිබිදුම පමණමයි.....

    ReplyDelete